ඔයාමඩුව ඖෂධ නිෂ්පාදන කලාපයේ ඉදිකිරීම් ලබන පෙබරවාරියේ…

Date:

රාජ්‍ය හා පෞද්ගලික අංශ එකතුවකින් සමන්විතව මෙරට ආරම්භ කිරීමට  යෝජිත ප්‍රථම ඖෂධ නිෂ්පාදන කලාපය වන “ඔයාමඩුව” ඖෂධ නිෂ්පාදන කලාපයේ ඉදිකිරීම් කටයුතු  එළඹෙන  පෙබරවාරි වන විට ආරම්භ කිරීමට හැකි වෙතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

අමාත්‍යංශ නිලධාරීන්,රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ,ජාතික ඖෂධ නියාමන අධිකාරිය,වෛද්‍ය සැපයීම් අංශය,හා එම ආයෝජන සමාගම්හි නිලධාරීහු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

අදාළ ආයෝජන කලාපයේ බිම් කොටස් විසි දෙකක් අතුරින් 11 ක් මේ වන විටත් ආයෝජකයන්ට ලබා දී ඇතැයි මෙහිදී අනාවරණය විය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ මෙරට නිෂ්පාදනය කර තත්වයෙන් උසස් ඖෂධ අඩු මිලට ජනතාවට ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

 මේ වන විට රටට අවශ්‍ය ඖෂධ වලින් 20 % ක පමණ ප්‍රමාණයක් මෙරට නිෂ්පාදනය කෙරෙන අතර එය ඉදිරි වසර දෙක තුන තුළ 50 % ක ඉලක්කගත මට්ටමකට ගෙන ආ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම කර්මාන්ත කලාපය හරහා ඖෂධ වර්ග රැසක් මෙන්ම ශල්‍ය  උපකරණ රැසක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

අනුරාධපුර “දැයට කිරුළ” පැවති භූමිය මෙම ව්‍යාපෘතිය සඳහා යොදාගෙන ඇති අතර ඒ තුළ මේ වනවිට පවතින ගැටළු කිහිපයක්ද හඳුනාගෙන ඇති අතර ඒ අනුව කලාපය සඳහා අලි වැටක් ඉදිකිරීම පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව මගින් තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

මෙයට අමතරව එම කලාපයේ ඉඩම් ජලය,විදුලිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමුකර අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

2024 අග 2025 මුල වන විට මෙහි නිෂ්පාදිත ඖෂධ සෞඛ්‍ය පද්ධතිය වෙත ලබාදීමට ඉලක්ක කෙරේ.

මෙලෙස නිෂ්පාදනය කෙරෙන ඖෂධ අතුරින් ප්‍රමාණයක් ආනයනය  කිරීමටද සැලසුම් කෙරෙන අතර මෙවැනි ව්‍යාපෘති කිහිපයක්ම ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා වන ආයෝජන වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසිය හැකි බැවින් ඒ සඳහා  එක් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා රටවල් රැසකගෙන් ඉල්ලීම් කර තිබේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු නිලධාරීහු රැසක් මෙන්ම ආයෝජන සමාගම්හි නියෝජිතයන් , යෝජිත ඖෂධ නිෂ්පාදන කලාපයේ කලාප සංවර්ධනය හා මෙහෙයුම් කටයුතු කරන ආයතන (Spectrum Phamatech Lanka Pvt.Ltd.) නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...