ඉන්දීය කලාකරුවන් සමග මෙරටදී දැවැන්ත සංගීත සංදර්ශනයක් – ඩයනා (VIDEO)

Date:

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දියාවේ බැංගලෝර් ප්‍රාන්තයේ කලාකරුවන් සමග මෙරටදී විශාල සංගීත සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“ලබන මාසයේ බැංගලෝර්වල, ඒ කියන්නෙ ලබන මාසෙ 12 වෙනිදා තමයි මේකෙ පළවෙනිම ලෝන්ච් එක තියන්නෙ, මේක ක්‍රිකට් තරගයක් විදියට යන්නෙ, අපේ ඉන්න කලාකරුවො සහ ඒ බැංගලෝර් ප්‍රාන්තයේ ඉන්න කලාකරුවො අතර තියනවා. මේකෙ දෙවැනි කොටස වෙන්නේ ලංකාවේ. ලංකාවේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නෙ දෙසැම්බර් 08 වෙනිදා යාපනේ. යාපනේ දුරෙයිඅප්පා ක්‍රීඩාංගනය අපි දැනට කතා කරලා තියෙනවා. ඒ යාපනේදි අපි කරනවා විශාල සංගීත සංදර්ශනයක්. මේකට අපේ රටේ ගායක ගායිකාවො සහ ඒගොල්ලොන්ගෙ රටෙන් එන ගායක ගායිකාවො සමග එකතුවෙලා මේ සංදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට විශාල සෙනඟක් ඉන්දියාවෙ සිට එනවා. මේ ඔක්කොම දේවල් කරන්නෙ අපට ලංකාවට නැතිවුණු ඩොලර් ටික නැවතත් ගෙන්වාගන්න”

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...