චේන් එකක් දාන් පාරෙ යන්න බෑ ඒක කඩනවා, ඒත් සමාජ ආරක්ෂණ බද්දක් ගහනවා – ටිල්වින් (VIDEO)

Date:

රන් මාලයක් පැළඳගෙන පාරේ යාමට නොහැකි මට්ටමට සමාජයේ ආරක්ෂාව පිරිහී ඇතත් රජය විසින් සමාජ ආරක්ෂණ බද්දක් අය කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කරයි.

“දැන් ගෙදර ලයිට් දාන් ඉන්න බෑ, ෆ්‍රිජ් එක පාවිච්චි කරන්න බෑ, වතුර උණු කරන් තේ එකක් හදාගන්න බෑ, එහෙම වුණොත් එහෙම දැවැන්ත විදුලි බිලක් එනවා. විදුලිය ගාස්තු වැඩි කළා. ඊට පස්සේ දිගින් දිගටම බදු බර වැඩි කරනවා. වැට් බද්ද 12% සිට 15% වැඩි කළා. එතකොට ආයෙ මොකද වෙන්නෙ ? අපේ බඩු මිලට මේක එකතු වෙනවා. ඊට පස්සෙ තව බද්දක් ගැහුවා සමාජ ආරක්ෂණ බද්ද කියලා. මේ සමාජ ආරක්ෂණ බද්දේ 2.5% ත් ආයෙ අපේ බඩු මිලට එකතු වෙනවා, ජංගම දුරකථන ගාස්තුවට එකතු වෙනවා. බද්දේ නම තමයි මොකක්ද, සමාජ ආරක්ෂණ බද්ද. දැන් මොකක්ද අපට තියෙන සමාජ ආරක්ෂණය ? බෙල්ලේ චේන් එකක් දාන් මගට බැස්සොත් එහෙම චේන් එක මගදී කඩාගෙන යනවා. බයිසිකලේ නවත්තලා කඩේට ගිහින් එළියට එනකොට බයිසිකලේ උස්සන් යනවා. වාහනේ නවත්තලා රෑ බුදියා ගත්තොත් උදේ බලනකොට සයිඩ් කන්නාඩිය ගළවාගෙන ගිහිල්ලා. සමාජයේ කිසිම ආරක්ෂාවක් නැතුව අපි ඉන්දැද්දී බද්දක් ගහනවා, මොකක්ද නම ? සමාජ ආරක්ෂණ බද්ද “

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

කෙසේවෙතත් සමාජ ආරක්ෂණ බද්ද යනු මෙහිදී ටිල්වින් සිල්වා මහතා අදහස් කරන පරිදි භාණ්ඩ සොරකම් කිරීම වැළැක්වීම සඳහා වන බද්දක් නොව පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය විසින් රැකවරණය සැපයිය යුතු සමාජ කණ්ඩායම් රැකබලා ගැනීම වෙනුවෙන් අරමුදල් ලබාගැනීම උදෙසා අය කෙරෙන බද්දකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...