ටෙක්නිකල් ලෝකයේ බොට්නිකල් ගාඩ්න් එකක්

Date:

ටෙක්නොලොජි ලොජිකල්. කට්ටියක් හොඳයි කියද්දි කට්ටියක් නරකයි කියනවා. කට්ටියක් බැලන්ස් කරනවා. ඔය කොහොම වුණත් මේක බැරි බැරිගාතෙන් හරි ඇක්සෙප්ට් කරන්ඩ අපිට වෙනවා. ටෙක්නොලොජි ආගමනය ගැන රකුසු කතා තමා අපි ගොඩක් අහන්නෙ. මොකද රකුසු වැඩ කරන්නත් ඒ ලොජිය ඉතාම සූක්ෂ්ම විදියට යූස් කරන්න පුළුවන් නිසයි. 

හැබැයි මේ කියන්න යන්නෙ ටෙක්නොලොජි යූස් කරල කරන සංවේදී කර්තව්‍යයක් ගැන. ඉවාන් ඕවන් කියලා ඉංජිනියර් කෙනෙක් ඉන්නවා. හැන්ඩියෙක්. තරුණයෙක්. පොර හදනවා රොබෝ අතක්. ඒ අතට පුළුවන් , සොබාවික අතක් වගේම නැවෙන්න. ගුලිවෙන්න. ඇඟිලි එහා මෙහා කරන්න. මේ ඔක්කොම රොබෝ අතෙනුත් වෙනවා. මිනිහා කල්පනා කරනවා, අත් අහිමි වෙච්ච මිනිස්සුන්ට මේකෙන් ලොකු යූසේජ් එකක් වෙයි නේද ? කියලා. ඒ වෙනුවෙන් ඉවාන් වැඩ පිළිවෙළක් හදනවා. 


තමන් කරපු නිර්මාණෙ පේට්න්ට් එකවත් ඉවාන් ගන්නෙ නෑ. ඒක එයා කරන්නෙ හිතලමයි. තමන්ගෙ ඉනොවේශන් එක ඕන තරම් කට්ටිය අතරෙ බෙදී යන එක මිනිහට ඉහළම ඕනෑකම බවට පත් වෙනවා. 

‘ඩිජිටල් හියුමැනිටේරියන්’ කොන්සෙප්ට් එක යටතේ ඉවාන් වෙබ් සයිට් එකක් ඕපන් කරනවා. මානවවාදය ඩිජිටලි පැතිරවීමයි පර්පස් එක වෙන්නෙ. ‘එනේබල් වොලන්ටියර් කොමියුනිටි’ කියන නමින් තමයි මේ වැඩේ හැඳින්වෙන්නෙ. මේක ආයතනයක් නෙවේ. වර්චුවල් පැට්ෆෝම් එකක්. කිසිම ගෙවීමක් මෙතනදි වෙන්නෙ නෑ. 

වැඩේ වෙන්නෙ මෙහෙමයි. ඉවාන් තමන්ගෙ ඉනොවේශන් එක කරන විදිය වගේම තමන්ගෙ ප්‍රඩක්ට් එකේ ප්‍රමාණාත්මක තොරතුරු, ඒක හදන විදිය ඔක්කම විස්තර අදාළ වෙබ් පිටුවෙ අප්ලෝඩ් කරනවා. ඒක බලාගෙන ඕනම කෙනෙකුට ගෙදර ඉඳලම තමන්ගෙ අවශ්‍යතාව සපුර ගන්න පුළුවන්. මේකෙ ටාගට් ඕඩියන්ස් එක වෙන්නෙ, අතවල ඇඟිලි නැතිව උපදින දරුවො, යුද්ධෙන් ඇඟිලි අහිමි වෙච්ච අය වගේ කොටස්. මුදලක් ගෙවලා මෙවැනි දෙයක් ගන්න අපහසු අයට මේ අවස්ථාව පුදුමාකාර වටින බව baltimora ෆෑන්ස්ලට දැන් තේරෙන්නම ඕන. 

මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් ඕනම කෙනෙකුට ස්වෙච්ඡාවෙන් මේ කොමියුනිටි එකේ මෙම්බර් කෙනෙක් වෙන්න පුළුවන්. වෙබ් සයිට් එකට ගියාම ඒ සියලු තොරතුරු ඒකෙ තියෙනවා. වොලන්ටියර් කෙනෙක් වෙන්නෙ කොහොමද ? ඒකට අනුගමනය කරන්න ඕන වැඩ පිළිවෙළ මොකද්ද? ලෝකෙ පුරා ඉන්න ඉංජිනේරුවන්ට මේක සුන්දර අවස්ථාවක්. ඒ විතරක් නෙවේ, යම් කෙනෙකුට ඒ නිෂ්පාදනයක් ගන්න ඕන නම් ඒක කරන්නෙ කොහොමද කියලත් අයිට් එකේම තියෙනවා. අතක් හදව ගන්න උවමනා කෙනෙක් ඉන්නවා නම්, පරිමාණයක්  සඳහන් කරලා වොලන්ටියර් කෙනෙක් හරහා උදව් ඉල්ලලන්න පුළුවන්කමකුත් මේ ප්ලැට්ෆෝම් එකේ තියෙනවා. කිසිම මුදලක්  වැය නොකර වැඩේ කරගන්න පුළුවන්. දැන් වෙද්දි වර්ල්ඩ් වයිඩ් වොලන්ටියර්ස්ලා හතලිස්දාහක් විතර ඉන්න බව කියනවා. 

විශේෂම එක. වෙබ් සයිට් එක . ‘http://enablingthefuture.org/ ‘. මේ නිකං වැඩක් නෙවෙයි. විසල් මනුස්ස හදවතක් ඇති මිනිස්සුන්ගෙ වැඩක්. ටෙක්නිකල් යකඩ ගොඩවල් අස්සෙ බොට්නිකල් ගාඩ්න් එකක් දැක්ක තැනක්!

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...