*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/28

  1. ආසියානු නිෂ්කාශන සංගම (ACU) පද්ධතිය හරහා ශ්‍රී ලංකාව හා මුදල් ගනුදෙනු සිදුකිරීම බංග්ලාදේශයේ මහ බැංකුව එරට සියලු බැංකුවලට තහනම් කරයි – ආසියානු නිෂ්කාශන සංගමය, තමා හා සම්බන්ධවන රටවලට ආනයන සහ අපනයනවලට අදාළ ගනුදෙනු සඳහා ගෙවීම් පියවීමට ඉඩ සලසන ආයතනයකි – බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජික රටවල් ය.
  2. මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටු සහ විමර්ශන කොමිසම් විසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කර ඇති බවට සාක්ෂි සොයාගෙන ඇති ද යන්න සොයා බැලීම සඳහා පත්කරන ලද ඒ.එච්.එම්.ඩී නවාස් කොමිසමේ ධුරකාලය ජනපති රනිල් වික්‍රමසිංහ විසින් දීර්ඝ කරයි.
  3. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකාරීත්වය ඇණහිට ඇති බැවින්, කැලණිතිස්ස විදුලි බලාගාරය විසින් නිකුත්කරන විදුලිය සීමාකරයි – අවශ්‍යතරම් ඩීසල් සහ නැප්තා තොග හිඟවීම මත කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කටයුතු ඇණහිටී – ජාතික විදුලි පද්ධතියට මින් මෙගාවොට් 165 ක පමණ විදුලියක් අහිමි වෙයි!
  4. බරපතල ණය අර්බුදවලට ලක්ව ඇති රටවලට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank) සහාය – “අර්බුදයෙන් පීඩා විඳින” ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 100 ලබා දීමට සූදානම්!
  5. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි නැඟිටින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි – වත්මන් අර්බුදයෙන් රට මුදවා ගෙන රට යළි ගොඩනඟන වැඩසටහන සම්පාදනය කරන බවට සහතික වෙයි – “එක්ව නැඟිටිමු” රැළිවලදී ජනතාවගෙන් “හොඳ ප්‍රතිචාරයක්” ලැබුණු බව ද පවසයි.
  6. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ සිටීමට අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි – බ්‍රිතාන්‍යයේ අලුතින් පත්වන ලද ඉන්දියානු හින්දු සම්භවයක් සහිත අග්‍රාමාත්‍ය රිෂී සුනාක් මීට උදාහරණයට ගනියි!
  7. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් “සයුරල” සහ “සිඳුරල” නෞකා සමඟ පැවැත්වූ සාර්ථක නාවික කටයුතු සබඳතා (Passage Exercise) වලින් අනතුරුව ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් වන “Adelaide” සහ “Anzac” ශ්‍රී ලංකාවෙන් පිටත් වෙයි.
  8. පා.ම. විමල් වීරවංශට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යාම ඔහුගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සභාව අභියෝගයට ලක්කරයි!
  9. අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ බදු පැනවීමේ කටයුත්ත ප්‍රවේශමෙන් සිදුකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරයි – “දුප්පතුන් ජීවත් කරවීම” සමස්ත රටේ ම වගකීම බව ද පවසයි.
  10. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තාක්ෂණ අමාත්‍යංශය යටතට පැවරීමට ජනපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරයි – මීට ඉහත දී එම කොමිෂන් සභාව පැවතියේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan