චීනයෙන් රුපියල් බිලියන 1.8 ක ඖෂධ ආධාර

Date:

චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 2 වන කොටස ලෙස රුපියල් බිලියන 1.8 ක ඖෂධ තොගයක් ඊයේ(27) මෙරටට ලැබී තිබේ.

එම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂෙන්හොං (Qi Zhenhong) මහතා විසින් භාරදෙනු ලැබීය.

වකුගඩු, ජලභීතිකා, පෙනහළු ආසාදන, පිළිකා ආදී රෝග සඳහා මෙන්ම ප්‍රතිශක්තිකරණ ඖෂධ තොගයක් මෙම පරිත්‍යාග අතර වේ.

චීන මානුෂීය ආධාර දෙවන කොටසේ මේ වන විට රුපියල් බිලියන 3ක ඖෂධ තොගයක් මෙරටට ලැබී තිබේ.

එහි තවත් ඖෂධ තොගයක් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර දෙවන අදියර යටතේ ඖෂධ වර්ග 17 ක් ලැබීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී අදාළ ආධාර දැඩි අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබාදීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය පවසයි.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ මෙම සහනාධාර තොගය වෙනුවෙන් අවංකවම ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලාංකීය පුරවැසියන් වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කර සිටින බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්වයක්...