*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ක්‍රිකට්වලින් රටට කීර්තිය ගේන පුංචි මිනිස්සු

මේමොහොතේ ක්‍රියාත්මක විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වර්ෂාව නිසා විවිධ දෝෂ දර්ශනයන්ට ලක්වෙමින් ඇත.වැස්ස යනු මිනිසුන්ට නැවත්විය හැකි දෙයක් නොවන නමුත් එයින් තරගයට වන හානිය වැළක්වීමට හෝ අවම කිරීමට සැළකිය යුතු පියවරක් ගත හැකිය.ඕස්ට්‍රේලියාව දෝෂ දර්ශනයට ලක්වන්නේ එතැනදීය.එසේම ඒ දොස් කීම හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ ගැන ද එහි සේවකයන් ගැන ද කතාබහ කරන්නට පටන්ගෙන ඇත.

ඹිට වසර හතකට පෙර The fastest ground staff in the world යනුවෙන් ශ්‍රී ලංකාවේ මේ මිනිස් ශ්‍රම බලකාය ගැන වාර්තා කරේ ක්‍රික් ඉන් ෆෝ ම ය.එහිදී ඔවුන් දක්වා ඇත්තේ මෙම ශ්‍රම කණ්ඩායම විනාඩි නවයක පමණ කාලයකින් ක්‍රීඩා පිටියක සියයට අසූවක් පමණ වැසසෙන් ආරක්ෂා වන අන්දමට ආවරණ එළිමට සමත් බවය.මේ විස්මිත ආවරණ හැකියාව මයිකල් වොන් නම් වූ හිටපු එංගලන්ත නායකයාට සිහිවන්නේ ඊයේ එංගලන්තය සහ ඕසට්‍රේලියාව අතර තරගය වර්ෂාව නිසා අත් හැර දමන්නට වූ නිසාය.
“මහා ගිගුරුම් සහිත කුණාටු ඇති වන ශ්‍රී ලංකාවේ ඔවුන් මුළු පිටියම ආවරණය කර ඉක්මනින් ක්‍රීඩා කිරීමට හැකි තත්ත්වයට පත් කරන්නේ මන්දැයි කියා … පසුගිය දින 2 තුළ MCG සම්පූර්ණයෙන්ම ආවරණය නොකළේ මන්දැයි කියා”

ශ්‍රී ලංකාව වර්ෂාවට මුහුණ දීම ගැන වෝන් ප්‍රශංසාවට ලක් කරන්නේ ඒ ආකාරයටය.මේ සටහන සමඟ වන ප්‍රධාන ඡායාරූපය දුටුවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාපිටි සේවකයන් කොපමණ වෙහෙසක්,කැපවීමක් සහ ඉවසීමක් ඒ වෙනුවෙන් කරන්නේද යන්න සිතා ගැනීමට අපහසු නැත.මේ වන විට 2011 ලෝක කුසලාන තරග පදනම් කරගෙන ශ්‍රී ලංකාව ගත් තීරණයකට අනුව සෑම ක්‍රීඩාංගණයකටම සම්පූර්ණයෙන් ආවරණය කිරිමට පහසුකම් ඇත.

නමුත් උපකරණ එලීම පහසු නැත.වර්ෂාව වැටෙද්දි තෙමෙමින් සුළං වලට නිරාවරණය වන විට යළි යළිත් සකසමින් මේ ක්‍රියාවලියේ නිරතවන ක්‍රීඩාංගණ සේවකයින්ගේ සේවය අමිලය.නමුත් ඔවුන්ව මිල වී ඇති තරම සහ ලැබෙන පහසුකම් ද ප්‍රමානවත් සේ ගන්නට අපහසුය.සසහර විට උදෑසන හයටත් පෙර වැඩ ආරම්බ කරන්නට වන ඔවුන් දිවා රාත්‍රි තරගයකදී නම් ආහාර ගන්නට පවා ඉඩක් නොලැබෙන තරම් අවිවේකීය.සමහර විට ලැබෙන ආහාරය ද ඉහළට යන තරම් රස ගුණ නැත.වරක් ඔවුන් අප විමසද්දීම නිහඬව කන්න දුන්න බත්පත නොකා පසෙකට දමා ගියේය.ඒ ලංකාවේ පවත්වන ප්‍රධාන තරගාවලියකදී ය.අපි ඒ ගැන විමසුවෙමු.
“මහත්තයො මේකට 1500 හම්බවෙනවා.ඉස්සර එවාට 1000.ඒකත් අපිට මහමෙරක් තරම් වටිනවා.මේව ලියලා ඒකත් නැති වෙයි.පිං සිද්ධවෙයි කිසිම දෙයක් ලියන්න එපා.”
ඒ ඉතිහාස කතාවෙන් මදක් ඈත්ව අපි වර්ථමානයට පිවිසුන විට තත්ත්වය හොඳ අතට වෙනස් වී හෝ වෙනස් වෙමින් පවතින බවට සාක්ෂි හමුවීම සතුටුදායකය.

මේ වන විට නව පරිපාලනය එය 3000 දක්වා ඉහළ දමා ඇත.එසේම පිටිය සේවක වැටුප 40000 න් ඉහළ දමා ඇත.ලොක්කන්ම බෙදා ගන්නා බව ඇහෙන ක්‍රීඩා කතාන්දර මැද මේ තත්ත්වය අගය කළ යුතුය.
අද ද ඊට පෙර ද දෛනික වැටුපට වැඩට ගත් තාවකාලික සේවකයෙක්ගේ දෝමනස්සයන් වැස්සට සේදී යන ආකාරයටම මදින් මද සේදී වෙනස් වෙමින් ඇත. තාවකාලික කම්කරුවෙක්නම්,වැස්සට කුලියක්වත් හොයාගන්න බැරි ඉඩක මේ ලැබෙන මුදල ඔවුන්ට ඔවුන්ගේ සේවය තරම්ම මිල කළ නොහැකි තරමට වටින්නේය.සමහර විට බඩවල් කිහිපයක් පුරවාගන්න ඒ මුදල එනකං බලා සිටිනවා විය හැකිය.ඒ නිසා දෙබසට වඩා මුනිවත ගැන ඔවුන් හිතනවා විය යුතුය.

ක්‍රිකට් කියන්නේ ජනතාව තුළ අලුත් බලාපොරොත්තු ඉහළ නංවන දෙයක් බව කිව යුතුය.බොහෝ ප්‍රේක්ෂකයන් තරග නරඹන්නේම හෙට දවසක තමන්ගේ දරුවෙකුත් මේ පිටියේ මේ ආකාරයට ක්‍රීඩා කරනු දැකීමේ හීන පුරවා ගෙනය.මේ සේවකයන්ට ද එවැනි සිහින නැතුවා නොවේය.සේවකයන්ගේ දරුවන් ද ඉහළ පාසල් ද නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී ඇත.ඇත්තටම දවසක මොවුන් වැස්සට එළන ආවරණ ඔවුන්ගේ ක්‍රිකට් ජිවිතයට එළන මල් පලස් වී ඔවුන් ද ජාත්‍යන්තර පිටියට එන්නේනම් ලංකාවේ ක්‍රිකට් දැනට වඩා සත්‍ය වශයෙන් මිනිස්සුන්ගේ වනු ඇත.

ඒ සඳහා ඒ නිවෙස්වලට දරාගන්න පුළුවන් ආර්ථික හයියක් දෙන්න වැටුප වැඩි කිරීමම හොඳ අවස්ථාවක් බව අපට සේවකයන් කිහිප දෙනෙක්ම පැවසුවෙමු.ක්‍රීඩාවේ ගුණාත්මක තත්ත්වය ඉහළ පහළ යන බව අපි දනිමු.එහෙත් හැමදාම වගේ ලංකාවේ ක්‍රිකට් තණතීරු ආරක්ෂා කරන සේවකයන් ලෝකයේ ඉදිරියෙන්ම තබා කතා කිරීම සාමාන්‍ය දෙයකි.
මට එංගලන්තයට කතා කරා.
මට මැලේසියාවෙන් එන්න කිවිවා
මෙවැනි කතා බොහෝ දේ මැද ඔවුන් රට දමා නොයයි.ඒ එකක් ස්ථීර රැකියාව නිසාම පමණක් නොවේය.ලංකාවේ ක්‍රිකට් රසිකයන් හැටියට ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට තමන්ගේ මට්ටමෙන් රුකුල් දෙන්නට ඔවුන් බැදී සිටින බැවිනි.සමහර විට ක්‍රීඩකයින් සමහර දෙනෙක්ට ද මේ අය පිට්ටනියේ වැඩ කරන මිනිස්සු පමණක් වෙන්න ඇත.විවිධ රටවලින් එන අය ලංකාවේ සුළු සේවකයන්ට සළකන හැටි නිවාස තනා දෙන හැටි අපි වාර්තා කර ඇත.සමහර විට අපේ ක්‍රීඩකයින්ටද මේ අගය කළ යුතු සේවය වෙනුවෙන් වසරකට අඩුම තරමේ ශිෂ්‍යත්ව දහයක් ප්‍රදානය කරන්නට හැකිය.

ඒවා අපට හිතෙන යෝජනාය.නමුත් ක්‍රීඩකයින්ට ද ඒවා සිතෙන්නට ඉඩ ඇත.අපි අනාගතයදෙස බලා සිටින්නේ ලංකාවේ ක්‍රිකට් පිට්ටනියේ සිට හැදෙදිදී මේ පිටිය සේවකයන්ගේ කැඳළිවල සතුට හරියට දෝර ගලන වැස්ස වගේ පිටාර දානු දකින්නටය.එය සඳහා වත්මන් පරිපාලනය ගෙන තිබෙන තීරණවලට ප්‍රශංෂාව පුද කරන අතර තවදුරටත් ඒ තත්ත්වය පුළුල් කරන්නට ක්‍රිකට්මය වශයෙන් ක්‍රීඩකයින්ගේ සිටම කළහැකි මැදිහත්වීම් සිතන්නට හැකිනම් අපූරුය.
ලංකාව හැමදාම එකට තියාගන්නා ලංකාවේ පිටිය සේවකයන්ට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලගේ ආදරය සහ ගෞරවය හිමි විය යුතුමය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan