ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන සමඟ ජනාධිපති මාධ්‍ය අංශයත් එක් වෙයි

Date:

ආහාර සපයා ගැනීමට ඇති අපහසුතාවෙන් පීඩාවට පත් මෙරට පුරවැසියන්ට සහාය වනු පිණිස හඳුන්වාදී අති Community Kitchen හෙවත් “ප්‍රජා මුළුතැන්ගෙය” සංකල්පය සමඟ ජනාධිපති මාධ්‍ය අංශය ද එක් වෙයි.

රාජගිරිය ප්‍රජා සේවා මධ්‍යස්ථානයක පවත්වාගෙන යන ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන සමඟ පසුගිය 28 එක් වූ ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය, තමන් පිසූ දිවා ආහාර බෙදාදෙනු ලැබූ අතර 400කට අධික පිරිසක් ප්‍රජා මුළුතැන්ගෙයින් දිවා ආහාරය ලබා ගත්හ.

ජනාධිපති මාධ්‍ය අංශයේ සුබසාධක සංගමය මගින් මේ සඳහා මුල්‍ය පහසුකම් සපයා ගැනීම සිදු කෙරුණු අතර රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික මට්ටමින් ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පය ව්‍යාප්ත කිරීම එහි අරමුණ විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පසුගියදා හඳුන්වාදීමත් සමඟ ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පය පිළිබඳ සමාජයේ පුළුල් කතා බහක් ඇති විය.

ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා සූදානම් වීම මෙන්ම සමූහයක් වශයෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා ගැනීම හා ආහාර සපයා ගැනීමේ අසීරුතාවෙන් පෙළෙන අයට සහායක් වීම ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පයේ අරමුණයි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුධීර නිලංග විතාන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ පියසේන දිසානයක, ඡායාරූප අධ්‍යක්ෂ මීෂා ගුණවර්ධන, ජනාධිපති මාධ්‍ය අංශයේ සුබසාධක සහ ක්‍රීඩා සංගමයේ සභාපතිනි නියෝජ්‍ය අධ්‍යක්ෂ දීප්ති ප්‍රමිතා අධිකාරි යන මහත්ම මහත්මීහු ඇතුළු අධ්‍යක්ෂවරු සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...