කොන්ක්‍රීට් දාලා වහපු ගෑස් ළිං 2ක් දැනටත් තියෙනවා, ඒවා හාරමු – විජිත හේරත් (VIDEO)

ශ්‍රී ලංකාව සතුව බොරතෙල් සහ ගෑස් ළිං 3ක් දැනටමත් පවතින හෙයින් ඒවා හෑරීමෙන් රටේ බලශක්ති ප්‍රශ්නය රට තුළම විසඳාගැනීමට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

“අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් බලශක්ති ප්‍රශ්නය. ලොකුම වියදමක් යන්නෙ ඒකට. අපේ රට ඇතුළේ බලශක්ති ප්‍රශ්නය විසඳන්න පුළුවන්. අපට තෙල් තියෙනවා, ගෑස් තියෙනවා. මතකද මහින්ද රාජපක්ෂ 2011 කිව්වා මන්නාරමේ ගෑස් නිධියක් හම්බුණා කියලා. ඇත්තටම තියෙනවා. 2002 නොර්වේජියානු සමාගමක් ආවා. ලංකාව වටේම මුහුදේ නැව් ගිහිල්ලා, පර්යේෂණ කරලා හොයාගත්තා මන්නාරම් ද්‍රෝණියෙයි, කාවේරි ද්‍රෝණියෙයි තෙල් සහ ගෑස් තියෙනවා කියලා. ඊටපස්සෙ අපි ඉන්දියානු කේන් සමාගමත් එක්ක ගිවිසුමක් ගහලා ඒ සමාගම ඇවිල්ලා ඒ තෙල්, ගෑස් හෑරුවා. ළිං 4ක් හෑරුවා. එක ළිඳක මොකුත් අහුවුණේ නෑ. ඉතුරු ළිදේ තෙල් තියෙන නිමිත්ත පහළ වුණා. අනිත් දෙකේම ගෑස් නිධි දෙකක් මතුවුණා. ඊටපස්සෙ ඒක හාරන්න යනකොට පගාව, කොමිස් ආවා ඉස්සරහට. ඒ සමාගම දාලා ගියා ආපහු ඉන්දියාවට. තාම තියෙනවා ඒ ගෑස් ළිං දෙක කොන්ක්‍රීට් දාලා වහලා. අන්න ඒ තෙල් ටික ගෑස් ටික හාරන්න වැඩේ පටන් ගමු. අපට තාක්ෂණය නෑ, හැබැයි ලෝකෙ ඕනෙ තරම් කැණීම් සමාගම් තියෙනවා. අපි විවෘතව ජාත්‍යන්තර ටෙන්ඩර් දානවා. එකම කොන්දේසිය බැරල් 100ක් ආවොත් බැරල් 50ක් එහෙට, බැරල් 50ක් අපට. අදූෂිත පාලනයක් නම් ලංකාවේ තියෙන්න ලෝකෙ පුරාම ආයෝජකයෝ ලංකාවට එනවා. ඒගොල්ලොන්ට වැඩක් නෑ ලංකාවෙ ආණ්ඩුව මොන පාටද කියලා”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...