SLASSCOM ජෝර්දානයේ දී INT@J සමඟ අත්වැල් බැඳගනී

(ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය) SLASSCOM ජෝර්දානයේ දී INT@J සමඟ අත්වැල් බැඳගනී

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ,2022 ඔක්තෝබර් 27 වැනි දින, SLASSCOM සහ INT@J අතර අවබෝධතා ගිවිසුමකට  අත්සන් තබන ලදී. ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය වෙනුවෙන් එහි සභාපති  ආශික් එම්.  අලි මහතා සහ  INT@J වෙනුවෙන් එහි සභාපති  අම්ජාඩ් ස්වායිස් මහතා ශ්‍රී ලංකා තානාපති ශානිකා දිසානායක, INT@J Nidal Bitar හි ප්‍රධාන විධායක නිලධාරියා සහ සංගම් ද්විත්ත්වයේ සාමාජිකත්වය හමුවේ අතථ්‍ය අයුරින් මෙම   ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම අවබෝධතා ගිවිසුමේ නියමයන්ට අනුව, ව්‍යාපාර අවස්ථා සහ ආයෝජන ගවේෂණය කිරීමට සහ තම අදාළ සංගම්වල තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සමාගම්වල ජාලගත කිරීම ඉහළ නැංවීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වය  කටයුතු කරනු ඇත. මෙම අවබෝධතා ගිවිසුම හරහා ශ්‍රී ලාංකික  මෘදුකාංග සමාගම් සඳහා ප්‍රවේශ වීමේ අපේක්ෂාව සම්බන්ධයෙන් වන සහයෝගීතාවය සඳහා පවතින ශක්‍යතා ක්ෂේත්‍ර ඉහළ නැංවීම සඳහා SLASSCOM හි සභාපති ආශික් අලි මහතාගේ මගපෙන්වීම යටතේ නුදුරේදීම ව්‍යාපාරාන්තර සැසි පැවැත්වීමට නියමිත ය.

මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මඟින් SLASSCOM සහ INT@J යන දෙපාර්ශ්වයේ සාමාජිකයින්ට ශ්‍රී ලංකාවේ සහ ජෝර්දානයේ ව්‍යවසායක පද්ධති වෙත ප්‍රවේශ වීමට මංපෙත් විවර වන බව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ශානිකා දිසානායක මැතිනිය ප්‍රකාශ කළා ය. ඩිජිටල් පරිවර්තනය, ව්‍යාපාරික පද්ධතියක් වැඩිදියුණු කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ඉවහල් වන ප්‍රධාන අංගයක් වන බැවින්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව  සඳහා, මෘදුකාංග කර්මාන්තයේ විවිධ පැතිකඩ ඔස්සේ නිර්මාණශීලිත්වය තීව්‍ර කිරීම මෙම අවබෝධතා ගිවිසුම මඟින්  අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අම්මාන්

2022 ඔක්තෝබර් 31 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...