නවක වෛද්‍යවරුන් 1367 ක් සීමාවාසික පුහුණුවට!

Date:

නවක වෛද්‍යවරුන් 1367 දෙනෙකු සදහා  සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්විම් ලිපි ප්‍රදානය ඊයේ (31) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

සෞඛ්‍ය  අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම  පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් නවක වෛද්‍යවරුන් පිරිසකට නිල වශයෙන් සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්විම් ලිපි ලබාදිම සිදු විය. 

මෙසේ පත්වීම් ලබාගත් නවක වෛද්‍යවරුන් මුළු දිවයිනම ආවරණය වන පරිදි රෝහල් වෙත අනියුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඉතාම අභියෝගාත්මක අවධියක, සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීමට නව පත්වීම්ලාභීන්ට අවස්ථාවක් ලැබී ඇති බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා තමා සෞඛ්‍ය අමාත්‍යධූරය බාරගන්නා විට රට ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබු බවත්, පැමිණිලි පමණක්ම ඉදිරිපත් වූ බවත්, එවැනිම තත්ත්වයක් තුළ  නව පත්වීම් ලාභීන්ටද සේවය කිරිමට සිදු වන බව මෙහිදී පැවැසීය. 

වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉහළට යාමට මග පෙන්වන්නේ මනුෂ්‍යත්වය බවත්, මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන ජනතාවගේ ආදරයට පාත්‍ර වෙමින් රෝගීන්ට කාරුණික වෙමින් රෝගී ජිවිත වලට ජිවය ලබාදීමට කටයුතු කරන ලෙසත්, ලොව ඉතාම ශ්‍රේෂ්ඨ වෘත්තියක් වන වෛද්‍ය වෘත්තිය තුළ විඳ දරා ගැනීමේ හැකියාව ඉතා ඉහළින් පැවතිය යුතු බවත්  හෙතෙම කීය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ සම්මානනීය වෘත්තියකට  සීමාවාසික වෛද්‍යවරුන් පා තබන බවත්, එහි ගුණාත්මකභාවය රඳා පවතින්නේ ඔවුන්ගේ ගුණාත්භාවය තුළ බවත්ය. රෝගියා යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානම අංශයක් බැවින්, රෝගීන් කෙරෙහි කාරුණිකව අවධානය යොමු කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් කැපවිමට අදිටන් කරගන්නා ලෙසද ඒ මහතා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) I වෛද්‍ය ලාල් පනාපිටිය, තෘතීයික සත්කාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...