*
Friday, September 20, 2024
spot_img

Latest Posts

මහරගම අපේක්ෂා රෝහලට රුපියල් මිලියන 10 ක මුල්‍ය පරිත්‍යාගයක්.

මහරගම අපේක්ෂා රෝහල තුළින් ලබාදෙන  පිළිකා රෝගී  ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරිම සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනිම වෙනුවෙන් රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කිරීමට විශ්‍රාමික ඉංජිනේරුවරයෙකු වන පී.එච්.ඩී වෛද්‍යතිලක මහතා කටයුතු කළේය.  

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙත ඉහත මුදල බැර කොට ඇති අතර, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වූ  පී.එච්.ඩී වෛද්‍යතිලක මහතා තමන් විසින් අපේක්ෂා රෝහලට ලබාදුන් පෞද්ගලික මුදල් පරිත්‍යාගය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම්වත් කිරිමට පියවර ගැණිනි.   

මෙහිදී ඒ මහතා  සෞඛ්‍ය අමාත්‍යවරයාට කියා සිටියේ තමන් මෙයට පෙර ද මෙරට සෞඛ්‍ය සේවාව තුළින් ජනතාවට ලබාදෙන ප්‍රතිකාර සේ‍‍‍‍‍‍‍‍‍වාවන්  ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මුල්‍ය පරිත්‍යාගයන් රැසක් ලබාදීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව 2016 වසරේ කාසල් රෝහලට වෙන්ටිලේටර් උපකරණයක් ලබාගැනීමට රුපියල් මිලියන 2.5 ක්, 2017 වසරේ රිඡ්වේ ආර්යා ළමා රෝහලට වෛද්‍ය උපකරණ වෙනුවෙන් රුපියල් එක්මිලියන තුන්ලක්ෂ පනස්දාහක මුදලක්, 2019 කොළඹ ජාතික රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සදහා රුපියල් මිලියන 03 ක්, 2020 වසරේ රත්නපුර රෝහලට PCR යන්ත්‍රයක් ලබාගැනීමට රුපියල් මිලියන 07 ක් සහ 2021 වසරේ රුපියල් මිලයන 3.2 ක මුදලක් මුල්‍ය පරිත්‍යාග ලෙස ලබාදීමට කටයුතු කළ බව ද පැවැසිය. 

මෙරට සෞඛ්‍ය සේවාවට මහත් ශක්තියක් වෙමින් විශ්‍රාමික ඉංජිනේරුවරයෙකු වන පී.එච්.ඩී වෛද්‍යතිලක මහතා සිදු කරන ලද මුල්‍ය පරිත්‍යාගයන් ‍‍මහත් ඇගයීමට ලක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ස්තුතිය පළ කළේය. විශේෂයෙන් මෙවැනි විශ්‍රාමික නිලධාරීන් රටෙහි ජාතික අවශ්‍යතා වෙනුවෙන් ඉටු කරනු ලබන මෙවන් කාර්යභාරයන් අතිශය වැදගත් බවත් එය අනෙකුත් පරිත්‍යාගශීලීන්ට ශක්තියක් වන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.  

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් සම්බන්ධීකාරක, තාක්ෂණ සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය  වෛද්‍ය අන්වර් හම්දානි, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ලේඛකාධිකාරි / ගණකාධිකාරි සුමුදු රාජකරුණා  යන‍‍‍‍‍‍ මහත්ම මහත්මින් ද එක්ව සිටියහ.  

ඉන්දික පොල්කොටුව

ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්  

0714161168 (වට්ස්ඇප්) / 0777270026

සෞඛ්‍ය අමාත්‍යාංශය    

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan