ධනුෂ්ක ගුණතිලක නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සිඳු වී ඇති හානිය සහ සිද්ධ විය හැකි හානියද සුළු පටු නැත.දැන් සමහර අයගේ උවමනාව ක්‍රිකට් පරිපාලනය සම්බන්ධ සිහිනය සැබෑ කර ගැනීමය.රනිල් වික්‍රමසිංහට මහජන මතයෙන් රටේ ජනාධිපති වෙන්නට බැරිකම පාර්ලිමේන්තුවට දිස්ත්‍රික්කයකින් තේරී පත්වීමක් වන්නවත් නොහැකි මට්ටමට පහතට වැටුණාම රටේ ඡන්ද එකතු කර හදාගත් ජාතික ලැයිස්තු ආසනය හරහා සිඳු කර ගත්තේය.ඡන්ද දායකයාගේ බුද්ධිය ගැන ප්‍රශ්නයක් තිබුණත්,රනිල් නොතේරිම බුද්ධිමය අඩුවක් නිසා සිඳු නොවූවක් බව මේ වන විට රනිල්ම පහදා දෙමින් සිටින්නේය.
ක්‍රිකට්වලටත් එහෙම පිම්මක් පනින්නට උත්සාහ කරන මිනිස්සු මේ මොහොතේ ධනුෂ්කගෙන් ඉලක්ක කරන්නේ ක්‍රිකට් පරිපාලනයට පහර දීමය.එය පහර නොදිය යුතු ශුද්ධ වූ වස්තුවක් යැයි අපි නොකියන්නෙමු.ප්‍රශ්න කිරීමට කාරණා ගණනාවක් ඊට එදිරිව ද ඇත.නමුත් කොහු ගෑණිට උත්තරය හොටු ගෑණි නොවේය.බොහෝ විට බෙහෙත් ටිකක් දි කැහි අමාරුව හොඳ කර ගන්නට අවශ්‍යය නියාමනය ප්‍රමණවත් වන්නට ඉඩ ඇත.
අර්ජුන රණතුංග නිතරම පවසන වචනය “මගේ කාලේ” යන්නය.ශක්තිමත් පරිපාලන ව්‍යහුයක් තිබිණිනම් ක්‍රීඩකයෙක්ගේ හෝ නායකයෙක්ගේ ඕනෑකම මත හැසිරෙන ක්‍රිකට් එකක් රටක තිබිය නොහැකිය.ඒ සියලු තීරණ ඔහුට ක්‍රියාත්මක කරන්න වී ඇත්තේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා ප්‍රධාන විධායක පුටුවේ සිටිය ක්‍රිකට් පරිපාලනමය වශයෙන් අසමත් වූ හෙයින්ය.අර්ජුන 96 ට පසු ක්‍රිකට් ක්‍රීඩා කළ හැටි ගැන තදින්ම විවේචන එල්ල විය.ඒ විවේචන පිටවන වාතයක් තරමටවත් නොතැකූ අර්ජුන 99 දී කණ්ඩායමත් සමඟ මුල් වටයෙන්ම ඉවත් වි කණ්ඩායමත් සමඟ ගෙදර ආවේය.එතෙක් විවේචනය නොකර සිටි අය ද 96 සූරතා අන්ධකාරයෙන් මිදෙන විට අර්ජුනට ඉවත්ව යන්නට අවශ්‍යය පසුබිම ඔහුම සකසාගෙන තිබිණ.
ඒ නිසා නායකයෙක්ට ක්‍රීඩාව පාලනය කරන්නට නොහැකි පරිපාලනයක අවශ්‍යයතාවය ශ්‍රී ලංකා ක්‍රිකට් හඳුනාගත්තේ එතැනදී ය. කණ්ඩායම එකඟ කරවාගෙන තබා ගත හැකි නායකයෙක් යන්න නමුත් අනතුරුව හරියටම නොනැඟිණි.අර්ජුනගේ අඩුව දැනෙන්නේ එතැනදි ය.නමුත් ඔහුට නොරිසි වූ දකෂයන්ට ක්‍රිකට් හි ඉඩ නොලැබුණ බව ද ප්‍රසිද්ධ රහසක් ය.එසේම සහෝදරයන් සිව් දෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට හැකි මට්ටමට රණතුංග පවුලේ ක්‍රිකට් ඉහළ ගියේද යන්න ද විමසා බැලීම වටින්නේය.99 අභාග්‍ය සම්පන්න ඉරණමකට අර්ජුනට මුහුණ දෙන්න වෙන්නේ එබැවින්ය.
ඉනික්බිති ධම්මික සහ තිලංග අතර දුරස්වීම මත රණතුංග පවුල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ඇතිවන දුරස්තභාවය විසඳාගන්නට ගොඩ නැඟෙන පරිපාලනයේ විරුද්ධ පාර්ශවය හැටියට රණතුංග පවුල සිට ගන්නේය.ඔවුන් පාලනයට පිවිසි විට අපූරුවට එය කළමණාකරනය වන ආකාරයක්ද නිර්මාණය කර ගත්තේය.විරුද්ධවාදියෙක් හැටියට පෙනී සිටින්නට ද රණතුංග පවුලේ අයම පත් විය.ගැටළුවල හැඩය රණතුංග පවුලට සාපේක්ෂව පැවතිණි.
දැන් ක්‍රීඩා අමාත්‍යවරයා හරියට ආප්පයක් බඳුය.පොළොන්නරුවේ ආප්ප කෑම විශ්වාස නැති බවට දේශපාලනය පැවසුව ද මේ එවැනි කතාවක් නොවේය.දෙපැත්තෙන්ම ගින්දර මැද ඔහුට තීරණ ගන්න වී ඇත.තමන් කළ ක්‍රීඩාවේ පරිපාලනයට පනින්නට ඉණිමඟක් හදා ගත් අය ඔහුගෙන් ක්‍රීඩා ජාතික සභාවේ තනතුරුවලට පත්වීම් ලිපි ලබාගෙන ඇත.ඒ තනතුරේ සිටම අමාත්‍යවරයාවත් අජූත කරමින් ක්‍රීඩාවන්ට පෙත්සම් ගසන්නට ද එහි සිට කටයුතු කරන අය ද එහි ඇත.එසේම ඇඟිල්ලක් දා ගන්නට ඉඩක් හැදුණ සැනින් එය ඔළුව ඔබා ගන්නට තරමට විශාල කර ගන්නට කැමති අය ද එහි ඇත.තීන්දු ගත යුත්තේ එවැන්නන් සමඟ නිසා අමාත්‍යවරයාට ගැටළුව ගැන වගේම ක්‍රීඩා සභාවෙන් එන තීන්දු ද ගැටළු ද නැද්ද යන්න නැවත නැවත සිතා බලන්නට සිදු වනු ඇත
අර්ජුන සමඟ ගෙවූ ක්‍රිකට් සමයේ විනය ගැන කතා නිසා ක්‍රිකට් තහනම් වූ අය ද සිටියි.ඒ ද රාත්‍රී සවාරිය.තවත් විටෙක ඕස්ට්‍රේලියාවේම කාන්තාවකට වන්දි ගෙවන්න වන විට ඇයට දරුවෙක් ද සිටියේය.මෙවැනි අතිත කතා විශාල ප්‍රමාණයක් ඇතත් ඒ කාලයේ සමාජ ජාලාවන් මෙන්ම දුරකතන තාක්ෂණය ද නැති නිසා විශාල අවුලක් වූයේ නැත.සමහර ක්‍රීඩකයන්ගේ දේවල සමාජ ජාලාවලින් එළියට ආවේ විශ්‍රාම ගත්තාට පසුය.ඉතිං හිතා ගන්න කෙනෙක්ට 50 දී ඔහොමනම් 25 – 30 කාලේ හෛාම ඇද්දැයි සිතා ගන්නට බැරි නැත.
නමුත් ඒවා වෙන්න පිළිවෙලක් තිබුණ බව බොහෝ විට කණ්ඩායමක් හැටියට තරගය ඉලක්ක කර ගැනීම එකළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දුටු බව අර්ජුනගේ නායකත්වයට ගෞරවයෙන් සඳහන් කළ යුතුය.අර්ජුනට අවශ්‍යය පරිදි කණ්ඩායම තේරීමට තිබූ ඉඩ නිසා ක්‍රීඩකයින් ඔහුගේ නීතිවලට බියෙන් සිටියා යැයි ද යමෙකුට කිව හැකි වුව,ඒ ගොනුවීම ක්‍රීඩකයන් කෙරෙන් එළිට ආවේ ඕනෑම සද්දන්තයෙක් තමන්ට කූඹියෙක් යන ආරූඨයෙන්ය.
සමහර පෞද්ගලික කාරණාවලට,රථ සංසර්ග ආදි බොහෝ දේ මාධ්‍යයට ආවද ඒවා ප්‍රදර්ශනය කිරීමේ හෝ ප්‍රකාශයට පත් කිරිමේ අවශ්‍යයතාවයක් මීට දශක දෙකකට පමණ ඉහත මාධ්‍යවලට නොවිණි.ක්‍රීඩාවට හානියක් නොවන ආකාරයේ පෞද්ගලික විදිමක් ක්‍රීඩකයින්ට තිබිය යුතු බව බොහෝ අය විශ්වාස කළෙමු.නමුත් අද සමාජ මාධ්‍ය ජාලයේ හැසිරීම් තීරණය වන මාධ්‍ය නීති මත නොව,ඒ උපකරණය අත ඇති පුද්ගලයාගේ රුචිය,බුද්ධිය,හෝ දැණුමට සාපේක්ෂවය.මාධ්‍යය බොහොමයක් ද මේ මට්ටමෙන් පවත්වාගෙන ගොස් බලන සහ අහන ප්‍රමාණය වැඩි කර ගැනීමේ සටනක සිටින බැවින් අඩුම තරමේ ධනුෂ්කගේ සිඳුවීම පාදක කරගෙන ජාත්‍යන්තර මාධ්‍ය හැසිරෙන ආකාරය බබා ට දමා අපි තමයි චණ්ඩි වැනි ආකාරයෙන් ද හැසිරෙනු දැක ඇත.
පාළක මණ්ඩලය දැන් ධනුෂ්ක පැත්තකින් තැබිය යුතුය.මෙම කණ්ඩායම සහ ධනුෂ්ක සම්බන්ධයෙන් නැඟෙන චෝදනා,යෝජනා සියල්ලගේම ඇත්ත කෙටිම කෙටි වචන කිහිපයකි.”ක්‍රිකට් ගැන අවධානය යොමු කළා මදි” මීට එහා ගිය ඇත්තක් නැත.එය වූයේ කෙසේද?ක්‍රීඩකයින් නිල නොවන සාද සඳහා සහභාගි වූයේ කෙසේද?ඒවා කළමණාකරනය අනුමත කළා ද?විස්සයි විස්ස කණ්ඩායමේ නැති ක්‍රීඩකයින් පැමිණ කණ්ඩායම් සඟයින් පිටට රැඟෙන ගියේ කෙසේද?ඒ ආව අය සහ ගිය අය කවුරුද?
එසේම කලමනාකරුවෙක් වැඩ කළ යුත්තේ කෙසේද යන්න සොයා බැලිය යුතුය.ධනුෂ්ක ආබාධයත් සමඟ කණ්ඩායම සමඟ තබා ගත යුතු බව නිර්දේශ කළේ කවුද යන්න ද විමසා බැලිය යුතුය.මහේල ජයවර්ධන ට ඩොලර් 18000 සඳහා වන වගකීම උපදෙස් දි පැත්තකට වි සිටීමය.ඔහුගේ ප්‍රකාශයේ යට ඇත්තේ එවැනි කතාවකි.පාසල් ක්‍රීඩකයින් නොවේ යන්නෙන් ඔහු කියන්නේ වගකීම් නොතේරෙන බබාල නොසිටිය බවය.හැබැයි ක්‍රිකට් ආයතනය පරිපාලන වගකීම් පවරා යැවූ අය ද බබාල නොවන්නේනම් ක්‍රිකට් ආයතනය ඒ වැඩිහිටයන්ගෙන් ද බබාලා සේ කළමණාකාර වගකිම නොසළකා සිටීම ගැන ප්‍රශ්න කළ යුතුය.
ක්‍රීඩකයන්ට දෙන දඬුවම ප්‍රසිද්ධ කරන්නට අවශ්‍යය නැත.එවිට නැවත වෙන්නේ ඔවුන්ගේ මානසිකත්වය විනාශ වෙන්නට සමාජ මාධ්‍ය ජාලා සිය නරඹන්නන් වැඩි කර ගැනීම පිණිස වැඩ කිරිමය.ඒ සමහර අයෙක්ට තමන්ගේ මුහුණ පොතට එකතු වන අලුත් නරඹන්නෙක් තරමට රටේ ක්‍රීඩාව නොවටින බව පැහැදිළිය.
වැදගත්ම දේ මේ ඉන්නේ හරියට ගන්ධබ්බ මොහොතකය යන්න අවබෝධ කර ගැනීමය.අලුත් උපතට හොඳ ගැබක් සැකසීම ක්‍රිකට් ආයතනයේ වගකීමය.ගබ්සා කරන්නට එන අයගෙන් ගැබ බේරා ගන්නටනම් ඉක්මන් විය යුතුය.ක්‍රිකට් කාගෙවත් නොවේය.රටේ ය.පුරවැසියාට ඒ වෙනුවෙන් පෙනි සිටීමට අයිතියක් ඇත.රටවැසියා වෙනුවෙන් හොඳම දේ ලබා දෙන්නට ඇති වගකීමටනම් මීට දශක දෙකකට ඉහත රටවැසියා සිටි සමාජ ව්‍යහුය අදාළ නැත.ඊට සාපේක්ෂව ක්‍රික්ට් ද වෙනස්ය.නමුත් වෙනස් නොවි හැමදාම පැවතිය යුතු ඇත්ත වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ අවධානය ක්‍රිකට් වෙත ප්‍රධාන වශයෙන් තිබිය යුතු බවය.එය රටේ දෙකෝටියක් ජනතාවට වග කියන රස්සාවකි.
RM