*
Friday, October 18, 2024
spot_img

Latest Posts

මිල්ලනියේ 5 වසර සිසුන්ට පොලිසියෙන් පහරදීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

හොරණ – මිල්ලනිය ප්‍රදේශයේ පාසැලක 5 ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකු පොලිසිය විසින් පහරදී අමානුෂික ලෙස වධහිංසනයට ලක්කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළේය.

පාසල් දරුවන් සම්බන්ධයෙන් පාසල් තුළදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර මෙවැනි සිදුවීමක් පොලිසිය කැඳවීමට තරම් දෙයක්ද යන්න පවා ප්‍රශ්න සහගත බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

මේ පිළිබඳ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් වෙනම විමර්ශනයක් සිදුකරන අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද වෙනම විමර්ශනයක් සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

“මේ පාසල බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන පාසලක්. දරුවන් 150කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබනවා. 5 පන්තියේ උගන්වන ගුරු මහත්මියකගේ මුදල් පසුම්බියක් නැතිවීම සම්බන්ධයෙන් තමයි පොලීසියට දැනුම්දීලා පොලීසිය ඇවිල්ලා මේ දරුවන්ව පොලිස් ජීප් එකට දාගෙන මේ අයව ගෙනිහිල්ලා නැවත ගෙනල්ලා බස්සලා තියෙන්නේ.

ඊට පස්සේ තමයි මේ පිළිබඳව නැවත වාර්තාකරලා තියෙන්නේ දෙමව්පියන්ට පහරදීමක් සම්බන්ධයෙන්, මේ පහරදීම පාසලේ ගුරුවරු කරපු එකක් නෙවෙයි නමුත් පොලීසිය විසින් කරපු එකක් බවට තමයි දැනට වාර්තාවෙන්නේ.

දැන් මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරිය වෙනම පරීක්ෂණයක් කරනවා. මේ වෙනකොටත් පාසලට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා විසින් දුන් උපදෙස් අනුව බස්නාහිර පළාත් අතිරේක අධ්‍යක්ෂවරයෙක්, අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශයේ නිලධාරියෙක් සහ කලාප කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂවරයෙක්ගෙන් සමන්විත වෙනම පරීක්ෂණයක් අපි ස්වාධීනව කරගෙන යනවා. මෙහි තොරතුරු ලැබුණු ගමන් අපි දැනුම්දෙන්නම්. මෙහිදී සඳහන් කරන්න ඕනෙ, මේ දරුවන්ට පාසල තුළ කොහොමද කටයුතු කළ යුතු ආකාරය කියන එක ගැන චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. මොකද මේක පොලීසියට කියන්න තරම් ප්‍රශ්නයක් ද කියන එකත් මතුවෙලා තියෙනවා. ඒක පරීක්ෂණයේදී හමුවෙයි. පරීක්ෂණයක් තියෙන නිසා මම මීට වඩා ඒක ගැන කතාකරන්නේ නෑ. ඒ තොරතුරු මම ලැබෙන්නට සලස්වනවා.

ගිය සතියේ මම ආරම්භ කළා කොළඹ නගරයේ පාසල් 144ම ආවරණය වන වැඩසටහනක්, ඒ අනුව ගුරුවරු 144ක් ගෙනල්ල දින 3ක වැඩමුළුවක් තිබුණා උපදේශනය සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් මුදාගැනීම පිළිබඳව. ගිය සිකුරාදා පස්වරු 2.30 වෙනකල් වෛද්‍ය විශේෂඥවරු ගෙනල්ලා වෙනම වැඩමුළුවක් තිබුණා විදුහල්පතිවරුන්ගේ සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට කොහොමද දරුවන්ගේ මනස තේරුම්ගෙන පාසලේදී මෙවැනි සිදුවීම්වලදී කටයුතු කරන්නේ කියන එක ගැන. ඉදිරයේදී එම වැඩසටහන රටපුරා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වනවා.

ළමයා කියන අර්ථ නිරූපනය තියෙනවා මේ දණ්ඩ නීති සංග්‍රහයේ. ළමයා කියන්නේ අවුරුදු 18ට අඩුවෙන්න ඕන. අඩු වයස් සියලුදෙනාම. මේ පිළිබඳව අපි දකිනවා දිනපතා පුවත්පත්වල වාර්තාවෙනවා. අපි දැක්කා තිහගොඩ පැත්තේ මොණර පිහාටු එකතුකරන්න ගියපු ළමයිට වෙඩි තියලා. මේවා නොවිය යුතු දේවල්. මේ රැකවරණය ලබාදියයුත්තන්ගෙන් සිදුවන වැරදි”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan