තරුණ ප්‍රජාවට විදෙස් රැකියා

වර්තමානයේ රටට අත්‍යාවශ්‍ය වන්නේ ඩොලර්ය. ඒ සඳහා රජය විවිධ පැතිකඩ හරහා යම් යම් ක්‍රියාමාර්ග සිදු කරගෙන යයි.

මේ අනුව නීත්‍යානුකූල මාර්ගවලින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය සම්ප්‍රේෂණය වීමේ අදාළ ක්‍රියාමාර්ග හා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු අවම කිරීමට පියවර ගෙන ඇත.

ඒ සඳහා දකුණු කොරියාවේ ප්‍රදේශ කිහිපයක පැවැති වැඩසටහන් වලට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව කියා සිටී. චාරිකාවේ අරමුණ විදේශ ශ්‍රමිකයින්ගේ ගැටලු විසඳීම යි.

Jerjer දූපතේ පැවති ශ්‍රමික හමුව සහ සම්ප්‍රේෂණ ආයතන නියෝජිත හමුවටද අමාත්‍යවරයා එක්විය. තේගු නගරයේ ශ්‍රී ලංකාරාම අපේ පන්සල පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට ද ඔහු එක් වූ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙරට තරුණ ප්‍රජාවට වැඩි වශයෙන් විදෙස් රැකියා අවස්ථා ලබාදීමට ක්‍රියාකරන බවයි.

කෙසේ හෝ තරුණ ප්‍රජාවගේ රැකියා වියුක්තියට විසඳුමක් සහ එමඟින් රටේ ඩොලර් ප්‍රශ්නය විසඳීමට ගත් සාර්ථක විසඳුමක් ලෙස මෙය හැදින්විය හැක.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.08

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...