අනතුරට පත් යාත්‍රාවේ ශ්‍රී ලාංකික පිරිස බේරාගැනේ

Date:

වියට්නාමයට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට පත් යාත්‍රාවකින් බේරා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයින් තුන්සියයකට අධික සංඛ්‍යාවක් මෙරටට රැගෙන ඒම සඳහා විදෙශ අමාත්‍යංශය පියවර ගනිමින් සිටී. මේ සම්බන්ධයෙන් වියට්නාම රජය සමග සාකච්ඡා ආරම්භ කර කළ බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

දකුණු චීන මුහුදේ factry දූපත අසල කලාපයේදී ශ්‍රී ලාංකිකයින් පිරිස ජපාන නෞකාවක් විසින් බේරාගත් බේරගන්න ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔවුන් රැගෙන යමින් තිබුණේ මියන්මාරයෙහි ලියාපදිංචි කර තිබූ lady R3 නැමැති නෞකාවක් මඟිනි. මේ පිරිස කැනඩාව බලා යමින් සිටි නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් බවට සැක කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පිරිමින් 264 දෙනකු සහ කාන්තාවන් 19ක් සහ කුඩා ලමුන් 20 ක් මෙම යාත්‍රාවේ සිටි බව වියට්නාම බලධාරීන් සඳහන් කරයි. ජපාන නාවිකයන් විසින් බේරා ගත් මෙම පිරිස වියට්නාම බලධාරීන් වෙත භාර දෙනු ලැබ ඇත. ඔවුන් මේ වනවිට පසුවන්නේ එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ ආයතනයේ නිලධාරීන් ගේ අධීක්ෂණය යටතේ ය.

මේ පිළිබඳ අදාල රාජතාන්ත්‍රික ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.08

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...