ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය නිසා ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි!

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නැගෙනහිර , ඌව, උතුරු සහඋතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

මුහුදුබඩ ප්‍රදේශයේ කාලගුණය:

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය  48 තුලදී තවදුරටත් වර්ධනය විය හැකි  බැවින්  හම්බන්තොට  සිට  මඩකලපුව, ත්‍රිකුණාමලය  හරහා  කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතු වල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
දිවයින වටා වන  මුහුදු ප්‍රදේශවල  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි.  සුළගේ වේගය පැ.කි.මී. (20–30) පමණ වේ.  මඩකලපුව සිට ත්‍රිකුණාමලය,කන්කසන්තුරය  සහ මන්නාරම හරහා  පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45)පමණ දක්වා වැඩිවිය හැක.
මුහුදේ ස්වභාවය:
මඩකලපුව සිට ත්‍රිකුණාමලය,කන්කසන්තුරය  සහ මන්නාරම හරහා  පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළුවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ  මද වශයෙන් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං නැවතත් තනතුරේ පිහිටුවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 24 : ලොව ප්‍රමුඛතම...

ජනපති අනුරට සුබ උපන්දිනයක් !

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 58 වැනි උපන්දිනය අදට...

ආපහු IMF යනවාද නැද්ද කියලා තවම තීරණයක් නෑ. අපිට IMF තාක්ෂණික සහායක් නම් ඕනෙත් නෑ – හුළංගමුව

ජාත්‍යන්තර මූල්ය අරමුදලත් (IMF) සමග ලබන වසරේදී නැවතත් යම්කිසි...

අද (24) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 24) දිනයේදී උතුරු, නැගෙනහිර...