ලංකාවේ පළමු තරු හතේ හෝටලය AVIYANA PRIVATE CHALETS

Date:

මහනුවර දිස්ත්‍රික්කයේ තරු හතේ සුපිරි හෝටල් සංකීර්ණයක් ආරම්භ කර ඇත.

AVIYANA PRIVATE CHALETS නමින් වන මෙම හෝටල් සංකීර්ණය 2024 වනවිට සාදා අවසන් කර විවෘත කිරීමට බලාපොරොත්තු වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ උරිස්පත්තුව ඉදිකරමින් පවතින තරු හතේ සුපිරි AVIYANA හෝටලය සුන්දර නකල්ස් කඳුවැටිය සමීපව ඉදිකරමින් පවතී. පෞද්ගලික කුටි සංකීර්ණ 60 කින් සමන්විත මෙම හෝටල් සංකීර්ණය නාන තටාකාංගන 60 කින් ද සමන්විතයි. ඊට අමතරව අධිසුඛෝපභෝගී පහසුකම් රැසකින් මෙම හෝටල් සංකීර්ණය සාදා නිම කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඩොලර් හිඟයට විසඳුම් ලබාදීමත්, සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමත් මුල් කර ගනිමින් මෙම හෝටලය ඉදිකෙරෙමින් පවති. 2024 වර්ෂය වනවිට මෙය සංචාරකයන් සඳහා විවෘත කිරීමට දැනටමත් සැලසුම් කර ඇත.

මෙය ලංකාවේ පළමු තරු 07 හෝටල් සංකීර්ණය වන අතර මෙම ව්‍යාපෘතිය රුපියල් බිලියන 06ත් 08 ත් අතර ප්‍රමාණයක මූල්‍ය ප්‍රතිපාදන යෙදවූ ව්‍යාපෘතියකි. ශ්‍රී ලාංකික ආයෝජනයක් හට ද මෙයට දායක විමට හැකියාව ඇත.

මේ වනවිට මෙම ව්‍යාපෘතිය 50% ක් අවසන් වී ඇති බව එහි කළමනාකාරීත්වය පවසයි.

හෙලිකොප්ටර් වලින් පමණක් ක්‍රියාත්මක වන ලංකාවේ එකම හෝටල් ව්‍යාපෘතියයි. අනාගතයේදී රටට ඩොලර් ගෙන ඒමට මෙය මහඟු අවස්ථාවක් වේවි.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.09

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහි හදිසි පරීක්ෂණය ‘කුමන්ත්‍රණයක්’ දැයි සැකයක් !

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව බෞද්ධ කටයුතු...

ඇය වෙනුවෙන් එය කරන්න..TLC ට්‍රයැත්ලෝත් 2025

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : පියයුරු පිළිකාවට එරෙහිව...

විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි – ගමට ගිය හිටපු ජනපති තැබූ සටහන!

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව ඊයේ (11)...