ජනපති මන්දිරයෙන් හමුවූ මුදල් තොගය පිළිබඳ හිටපු ජනපති ගෝඨාභයගෙන් ප්‍රශ්ණ කිරීමට අධිකරණයෙන් නියෝග!

Date:

ඉකුත් ජූලි මස ජන අරගලවලදී ජනාධිපති මන්දිරය වැටලීමෙන් අනතුරුව අරගලකරුවන් පිරිසක් විසින් ජනාධිපති මන්දිරයේ තිබූ සොයාගත්තේ යැයි කියන රු. මිලියන 18 කට ආසන්න මුදල පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

ඊයේ (11) දින කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ජූලි මස 09 වන දින තීව්‍ර වූ ජන අරගල සමඟ කොළඹ ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන් අනතුරුව අරගලකරුවන් පිරිසක් විසින් එම නිවසේ තිබී රු. මිලියන 17.8 ක මුදල් තොගයක් සොයාගෙන ඇති අතර, පසුව එම සම්පූර්ණ මුදලම කොටුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් ට භාර දුන් අන්දම සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක්විය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉහත නියෝගය පොලීසියට නිකුත් කර තිබෙන්නේ මෙම මුදලට අදාළව හිටපු ජනපතිවරයා ප්‍රශ්න කිරීමටයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...