විදෙස් මුදල් සඳහා ප්‍රේෂණ ගාස්තු ප්‍රතිපූරණයක් ලෙස රුපියල් 1,000ක දිරි දීමනාවක්

Date:

විදෙස් ගතව රැකියා වල නිරත වී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ විදේශයන්හි සේවයේ නියුතු පිරිස් විසින් ශ්‍රී ලංකාවට එවන රුපියල් 20,000 කට සමාන හෝ ඊට වැඩියෙන් එවන විදෙස් මුදල් සඳහා ප්‍රේෂණ ගාස්තු ප්‍රතිපූරණයක් ලෙස රුපියල් 1,000ක දිරි දීමනාවක් ලබාදෙන බවයි.

මෙම දීමනාව බලපත්‍රලාභී බැංකුවකින් හෝ විදේශ ප්‍රේශන නියෝජිතයාගෙන් ලබාගත හැකි බවද එම නිවේදනයේ දැක්වේ. දීමනාව අදාල වන්නේ බලපත්‍රලාභී බැංකුවල පවත්වාගෙන යනු ලබන රුපියල් ගිණුම් වලට ලැබෙන විදේශ ප්‍රේෂණ සහ කවුන්ටර් වලින් ඍජුවම රුපියල් ලෙස ලබාගන්නා විදේශ ප්‍රේෂණ සඳහා පමණයි.

මෙවැනි ක්‍රමෝපායන් ඔස්සේ විදේශ ප්‍රේෂණ රට තුළට අද්දවා ගැනීම මහ බැංකුව දරණ තවත් යහපත් උත්සාහයක් වේ.

රෂිකා හෙන්නායක
2022.11.12

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...