දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/12

Date:

1. වහාම ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රු. 15 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රු. 25 කින් ඉහළට! – නව මිල – ඩීසල් රු. 430; භූමිතෙල් රු. 365.

2. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කරන ලෙස එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එරට රජයෙන් ඉල්ලා සිටිති – ශ්‍රී ලංකාව සිය GSP+ බැඳීම් සපුරාලීමේ අවශ්‍යතාවය, සහ හමුදාව සඳහා යොදවා ඇති “අධික වියදම්” අඩු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරති – ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය ආධාර සඳහා කොන්දේසි යෝජනා කරන ලෙස එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා සිටිති.

3. ජුලි 9 වැනිදා ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් මිලියන 17.8 සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පොලිසියට නියෝග කරයි.

4. ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් රටට අනාගතයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – මීට පෙර ඉන්දියන් සාගරය සඳහා ගැටුමක් නොතිබූ අතර, අදවන විටත් එය එසේම බවත් අවධාරණය කරයි.

5. 2020 ජූනි 30 වැනි දින රුපියල් 40,000කට අධික මුදලකට ලිංගික උත්තේජක එන්නත් තොගයක් මිල දී ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය ලේකම් වෛද්‍ය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පවසයි.

6. මුදල් අමාත්‍යාංශය විසින් විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා භාවිත කරන එතනෝල් සඳහා ආනයනික බද්ද කොවිඩ් වසංගතයට පෙර තිබූ මට්ටමට වැඩි කරයි – රා මත බද්ද ලීටරයකට රුපියල් 25 සිට රුපියල් 50 දක්වා ද වැඩි කරයි.

7. ශ්‍රී ලංකාවට පත්වූ නව තානාපතිවරු කිහිප දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අක්තපත්‍ර භාර දෙති – නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ මෙක්සිකෝව, භූතානය, පැරගුවේ, ලක්සම්බර්ග්, රුසියාව, ඕමානය, ප්‍රංශය සහ ඝානාව යන රටවල් නියෝජනය කරමින් පැමිණ සිටියහ.

8. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම විසින් නිවාස සංකීර්ණ දේපල (condominium property) හිමියන් සඳහා “දිගුකාලීන නේවාසික වීසා යෝජනා ක්‍රමයක්” දියත් කරයි – මෙම සාකච්ඡා සඳහා ආයෝජන මණ්ඩලය, විගමන දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය සහභාගී විය.

9. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට ප්‍රමාණවත් ආහාර නොලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පිළිගනී – පාසල් දහවල් ආහාර වැඩසටහන සඳහා රජය වැඩි මුදලක් වෙන් කිරීමට උත්සාහ කරන බව සහතික කරයි.

10. රුපියල් 2,350,000 ක මුළු මුදලකට කොටියෙකු, Sloth වලසෙකු, චිම්පන්සියෙකු, පෝනියෙකු සහ සිංහයෙකු දෙහිවල සත්වෝද්‍යානයේ පිළිදැගුම් වැඩසටහන (Foster Care Programme) යටතේ පුද්ගලයින් 4 දෙනෙකු විසින් හදා වඩා ගත් බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් ප්‍රේමකාන්ත මහතා ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...