අද දවසේ වැසි තත්වය පිළිබඳ කාලගුණ නිවේදනය …

Date:

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල දහවල් 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා විය හැක.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...