පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම ගැන පොහොට්ටු – එජාප එකඟතාවක්

Date:

පළාත් සභා සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් ඇතිවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, ආණ්ඩුකාර ධුර 9න් 5ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් 4ක් එක්සත් ජාතික පක්ෂයටත් වශයෙන් බෙදීයන පරිදි එම පත්කිරීම් සිදුකිරීමට නියමිත බව සඳහන්.

මෙම යෝජනාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එතරම් කැමැත්තක් දක්වා නොමැති වුවත් අවසානයේදී යම් එකඟතාවකට පැමිණ ඇති අතර නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම නුදුරේදීම සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...