*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

එංගලන්තය දෙවන වරටත් ආසියාව පරදවයි

එංගලන්ත කණ්ඩායම මෙවර විස්සයි ලෝක සූරතා කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට ආසියාතික කණ්ඩායමක් පිවිසෙනු ඇතැයි තබා තිබූ බලාපොරොත්තුව බිඳ දමමින් අවසාන පූර්ව තරගයේදි ඉන්දියාව පරාජය කළ අයුරෙන්ම සූරතාවය සඳහා පකිස්තානයට තිබූ ඉඩ අහුරමින් කඩුලු පහකින් ඔවුන්ව පරාජය කිරීමට සමත් විය.ඒ අනුව 2022 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ ජයග්‍රහණය තමන් සතු කර ගන්නට එංගලන්තයට හැකි විය.මේ විස්සයි විස්ස ලෝක කුසලානයක් එංගලන්තය ජයගත් දෙවන අවස්ථාවය.ඔවුන් ජයගත් පළමු අවස්ථාව වාර්තාවන්නේ 2010 දී ය.විස්සයි විස්ස ලෝක කුසලාන තරග ජයග්‍රහණ වැඩිපුරම වාර්තා කිරිම සම්බන්ධයෙන් ඒ අනුව එංගලන්තය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ සමතැන් ගන්නට සමත් වන්නේය.
අවසාන තරගයේදී එංගලන්තය ජයග්‍රහණය කරා රැඟෙන යන්නට මුල් වන්නේ සෑම් කරන්ගේ පන්දු යැවිමය.ඔහු පන්දු ඕවර් හතර තුළ ලකුණු 12 ක් පමණක් ලබා දෙමින් පහර දිමට පැමිණි පකිස්තානු පිතිකරුවන් තිදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයේ තැන්පත් කරන්නට සමත් විය.අදෙල් රෂිඩ් සඟවාගෙන සිට ශ්‍රී ලංකාව සමඟ තරගයේ සිට භාවිතයට ගත් එංගලන්තය මේ තරගයේදි ද ඔහුගේ පන්දු ඕවර් හතරේදි ලකුණු 22 ක් දී කඩුලු 2 ක් දවා ගත්තේය.ක්‍රිස් ජෝර්ඩන් ගේ පන්දු යැවිම සටහන් වූයේ පන්දු ඒවර් හතරට ලකුනු 27 ක් දී කඩුලු දෙකක් ලෙස ය.ඒ අනුව පන්දු ඕවර් 12 ක් තුළ ලකුණු 61 ක් වෙනුවෙන් පකිස්තානයේ කඩුලු හතක් සොරා ගන්නට මේ පන්දු යවන්නෝ සමත් වූහ.පකිස්තානයේ පිතිකරු සවිය හීන වී යන්නට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ එයය.


පකිස්තානය වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක වූ බාබර් අසාම් ලකුණු 32 ක් එකතු කරන්නට සමත් විය.පකිස්තාන් කණ්ඩායමේ නැංගුරම වි සිටින කල්පනාකාරි ප්‍රහාරකයා ෂාන් මෂුඩ් පිත්තෙන් දුන් දායකත්වය ලකුණු 38 කි.සදාබ් ඛාන් (20) සහ මොහොමඩ් රිස්වාන් (15) හැරුණු විට අන් සියලුම ක්‍රීඩකයන්ට ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයකට එන්නට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත.
අඩු ලකුණු ප්‍රමාණයක් ආරක්ෂා කරන්නට උත්සාහ කරන ගමණේ දි පකිස්තානයට විශාල හානියක් වූයේ ඔවුන්ගේ කඩුලු අතර සිටින වේග පන්දු යවන්නා වන සහීන් ෂාහ් අෆරිඩී පන්දු රකින්නට ගොස් ආබාධයකට ලක් වීමය.ඒ නිසා ඔහුට යවන්නට හැකි වූයේ පන්දු ඕවර් 2.1 පමණි.එහිදී ද ඔහු එංගලන්ත කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 13 ක් පමණක් ලබා දෙමින්ය.නමුත් සදාබ් ඛාන් ලකුණු 20 ට කඩුල්ලක්ද,හාරිස් රවුෆ් ලකුණු 23 ට කඩුලු 2 ක් දවා ගනිමින් පීඩනය සමබර කර ගත්තේය.නමුත් එංගලන්තයට එක්දින ලෝක කුසලානයේ පහස ලබා දෙමින් තීරණාත්මක පිති හරඹය දියත් කළ එංගලන්තයේ තරග දිනවන්නා වන බෙන් ස්ටොක් ඉවසිලිවන්තව කඩුල්ලේ රැඳි ඉඳිමින් වැඩි අවධානයක් එක ලකුණ කෙරෙහි ලබා දෙමින් පන්දු ප්‍රමාණය සහ ලකුණු ප්‍රමාණය අතර පරතරය සැළසුම් කර ගනිමින් ප්‍රහාරය සඳහා ඉවසමින් උන්නේය.දීර්ඝ කුරුමානමකින් පසු ගොදුර වෙත කඩා පනින ව්‍යාඝ්‍රයෙක් සේ ස්ටොක් අවසාන පන්දු ඕවර් පහ සඳහා පිවිසීමත් සමඟ මොයින් අලී (පන්දු 12 – ලකුණු 19 සමඟ ක්‍රියාත්මක වන්නට විය.ඒ ජයග්‍රහණයේ සාධකය බවට පත් වෙමින්ය.ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ලට පන්දු ඕවර් 5.5 දී ලකුණු 48 ක් එක් කළ අතර ස්ටොක්ගේ පිත්තෙන් ජයග්‍රහණය වාර්තාවන විට ඔහුගේ නමට පන්දු 49 දී ලකුණු 52 ක් එකතු වි තිබිණ.ඊට එක් කළ හතර් පහර ප්‍රමාණය පහක් වූ අතර එක් හයේ පහරක්ද වාර්තා වී තිබිණ.
සැබවින්ම මේ ජයග්‍රහණයේ නිල නොවන වීරයා බවට බෙන් ස්ටොක් හැඳින්විය හැකි අතර තරගයේ විරයා මෙන්ම තරගාවලියේ වීරයා වූයේ ද ප්‍රතිවාදීන්ට කඩුලු රැක ගැනීමට මෙන්ම,ලකුණු ලබා ගැනීමට ද අතිශයින් බාධා කර එංගලන්ත පන්දු යවන්නා වූ සෑම් කරන්ය.


අවසාන වශයෙන් තරගාවලියේ වීරයා සඳහා සළකා බලන ලද නම් අතර ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ද සිටියේය.ඔහු කඩුලු 15 ක් දවා ගැනීමට සමත් විය.ඒ සුදුසුකම් ලබා ගැනීමේ තරග ද ඇතුළත්ව තරගඅටකදී ය.සෑම් කරන දෙවන තැන සිටිමින් තඩුලු 13 ලබා ගෙන තිබුණේ තරග හයකදී ය.
ආසියාවට හිමි එකම ජය.
අවාසන තරගයට ආසියාවට බාධා කළ ද ඔවුන්ට වළක්වන්නට නොහැකි වූ දෙදෙනෙක් මෙල්බර්න් ක්‍රිකට් පිටියේදි ඊට සම්බන්ධ විය.ඒ දෙදෙනාම අවසාන පූර්ව වටයට පිවිසි ආසියාතික කණ්ඩායම් වූ පකිස්තානයට හෝ ඉන්දියාවට අයත් නොවුණ ශ්‍රී ලාංකිකයෝය.රන්ජන් මඩුගල්ලේ ප්‍රධාන තරග තීරකවරයා විය.කුමාර ධර්මසේන තරගයේ විනිසුරුවරයා විය.එසේම කුමාර ධර්මසේන 96 ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අතර එහිදි ඔහුගේ ප්‍රතිවාදි කණ්ඩායම වූ ඕස්ට්‍රේලියාව නියෝජනය කළ පෝල් රයිෆල් අතිරේක විනිසුරුවරයා විය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan