සත්‍ය කුමක්ද….?

Date:

විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, ගම්පහ දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමගි ජන සන්ධානය සමග එක්වූ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය පුවතක් බව ඇය පවසයි.

2022.11.14 දින සමගි සන්ධානය සමග එක්වූ බවට පළවන මාධ්‍ය වාර්තා, ජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්තියක් වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව ඉතා පැහැදිලි ලෙස එතුමිය විසින් කරුණු පැහැදිලි කර ඇත.

රට තුළ උද්ගත වූ වාතාවරණය හමුවේ ජනතාව පීඩනයට පත්වෙමින් සිටි මොහොතක රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වී 2022 අප්‍රේල් මාසයේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ අතර, සැමවිටම කටයුතු කරනු ලැබුවේ සිතට එකගවත්, ජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යයන් වලදී ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලැබූ ජනතාවට හිතැති යෝජනාවලට පක්ෂවීමට මෙන්ම ජනතාව පීඩාවට පත්කරන යෝජනාවලට විරුද්ධව කටයුතු කිරීමටද මහජන නියෝජිතවරියක් ලෙස සැමදා නැගී සිටින අයෙකු ලෙසත් බව ඇය වැඩිදුරටත් පවසයි.

2023 වසර සදහා අයවැය යෝජනාව ඉදිරිපත් කරන මොහොතේ පොදුවේ විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු විපක්ෂයේ පොදු කාර්ය භාර්ය පිළිබදව සාකච්ඡා කිරීමට 2022.11.14 දින විපක්ෂ නායකවරයා ඇතුළු පොදු විපක්ෂ කණ්ඩායම හමුවී, විපක්ෂයේ පොදු කාර්ය භාර්ය පාර්ලිමේන්තුව තුළ ඉටුකිරීමට එකගතාවයක් ඇති කරගනු ලැබ ඇත.

නමුත්, එහිදී කිසිදු සමගි සන්ධානයකට එක්වීමක් සිදුනොවූ බව වගකීමෙන් ප්‍රකාශ කරන අතර එබැවින් සමගි සන්ධානයට එක්වී ඇති බවට පළවන මාධ්‍ය වර්තා ජනතාව නොමග යවන සුළු වන අතර සත්‍යයෙන් තොර බව ප්‍රකාශ කරන බව එතුමිය විසින් ජනතාවට කියා සිටී.

පින්තූරයකට බොහෝ දේ පැවසිය හැකි නමුත් එහි අභ්‍යන්තර සත්‍ය ඊට හාත්පසින්ම වෙනස් බව මෙයින් ගම්‍ය වේ.

රෂිකා හෙන්නායක
2022.11.15

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...