යුධ හමුදාව විසින් පවත්වාගෙන යන මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කෙරෙන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දිගින් දිගටම සිදුවූ ගැටුම් කාරී සිදුවීම් අපට විටින්විට අසන්නට ලැබින.
පසුගිය හත්වෙනිදා එවන් එක් සිදුවීමකදී එක රැඳවියෙකු මියගිය පුවතක්ද අසන්නට ලැබින.
මෙහිදී මාගේ මේ ලිපියේ අරමුණ වන්නේ නොමගට ගියවුන් ප්‍රතිසංවර්ධනය කිරීම හා එහි වගකීම මිල්ටරි පරිපාලනයකට පැවරීම සම්බන්දව ඇති නොගැලපීම සම්බන්ද කාරනයයි.
අපේ රටේ කැරළි දෙකකට හා යුද්ධයකට සම්බන්දවී පරාජිතව විනාශවූ සංවිධාන දෙකක ඉතිරිවූ තරුණයින් පිරිසක් “පුද්ගල ප්‍රතිසංවර්ධන” අභ්‍යාසවලට යොමුකලේය. එහි අරමුණ යුධමය ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමුවීම නිසා විකෘති වී ගිය යෞවන මනස යලි පියවි තත්වයට ගැනීම සහ ඔවුන්ගේ කැරළිකාරීත්වයට හේතුවූ කරුණු අධ්‍යයනය කර ඒවාට පිළියම් යෙදීමයි. නමුත් මෙහිදී අපට නොතේරෙන දෙය නම් යුධමය වතාවරනය තුල කැරළිකරුවන්ගේ ප්‍රචන්ඩත්වය මෙන් දෙගුණයක ප්‍රචන්ඩත්වයක් මුදාහල හා ඒ හේතුවෙන් කැරළිකරුවන්ටත් වඩා පරපීඩක විකුර්තීන්ට ගොදුරුවූ රාජ්‍ය හමුදාවල අයවළුන්ට මේ පුත්ගල ප්‍රතිසංවර්ධන ක්‍රියාවලිය බාරදීමය.
මාක්ස්ට අනුව යුධ හමුදාවක් යනු තාක්ෂනය බාවිතාකොට මහාපරිමාණයෙන් මිනිසුන් මැරීම සඳහාම නිර්මාණය කර ඇති දැවැන්ත මිනීමරු යන්ත්‍රයකි. නමුත් රාජ්‍යයේ ඇති සුජාත බාවය විසින් එහි සියළු මෘග ම්ලේච්ඡත්වයන් යුක්ති යුක්ත කරනු ලැබේ. නමුත් එහි සියළුම අමානුෂික අන්තර්ගතයන් එලෙසම පවතී.
ඒ හේතුවෙන්ම යුධහමුදාවක් යනු බොහෝදුරට සිවිල් සමාජය සමඟ අන්තර් ගනුදෙනු සීමාකල සහ අභ්‍යන්තර නියෝග ව්‍යුහයක් සහිතව පවත්වාගෙන යන සිවිල් චර්‍යාවන් වාරනයකොට සදා ඇති දරඳඬු යාන්ත්‍රනයකි. සැබැවින්ම මේ යාන්ත්‍රනය බාවිතාකල හැක්කේ යුද්ධයක් හෝ ප්‍රචන්ඩ මර්ධනයක් සඳහාම පමණි.
රටක සිවිල් පාලනයක් පවතින කාලසීමාවල් තුල මොනයම් හෝ ආපදා තත්වයක් යටතේ හෝ හමුදාව සිවිල් සමාජය හා යම් ගනුදෙනුවක් කරන්නේ නම් එය සිදුවන්නේද සිවිල් පොලීසිය යටතේය.
හමුදාවක් විසින් කරන පුත්ගල ප්‍රතිසංවර්ධන ක්‍රියාවලියකදී සිදුවිය හැක්කේ පුත්ගල ප්‍රතිසංවර්ධන ක්‍රියාවලිය අතට ගන්නා හමුදා නිලධාරීන් එය මිල්ටරි ආකෘතියකට අනුව නිර්-සිවිල් බාවිතාවකට අනුව ක්‍රියාවට නැංවීමයි.මෙයට හේතුව හමුදාව තුල පවතින මිල්ටරි-කේන්ද්‍රීය තේරුම් ගැනීමයි.
හමුදාවක් තුල පුත්ගල ස්වායක්තතාවය ගැන සංකල්ප නැත. කොටින්ම මිනිස් අයිතීන් නැති මිල්ටරි ලෝකයක ජීවත්වෙන ඔවුන්ට අනුව සිවිල් අයිතීන් යනු කිසිම තේරුමක් නැති දෙයකි.
මෙහිදී ඉතිහාසයේ සියල්ල ජයග්‍රහකයා විසින් තීරණය කරන තියරියට අනුව පරාජිත කැරළිකරුවන් ප්‍රතිසංවර්ධනය කිරීමේ ක්‍රියාන්විතයද හමුදාවටම බාරදුන්නාද විය හැකිය.
දහස් ගානනින් මිනිසුන් අමුඅමුවේ මරා දැමෙන ලෝහිත යුද්ධයක් තුල ම්ලේච්ඡත්වය වපුරනවා විනා ශිෂ්ඨත්ව වගුරුවන්නේ නැත. එහිදී යුධ වැදුන දෙපාර්ශවයම පුනරුත්ථාපනය නොකර විවෘත ලෝකයට ඔවුන් මුදාහැරීම දියුණු ශිෂ්ඨ ලෝකය තුලදි නොකරන දෙයකි. මෙතනදී උතුරේ පරාජිතයා පුනරුත්ථාපනය කිරීම ජයග්‍රාහකයාට බාරදීම පරාජිත දමිළයන් සිංහල බෞද්ධ රෙජීමය ඉදිරියේ දනගැස්සවීමකට වඩා දෙයක් නැතැයි මට සිතේ.
මෙහිදී අපේක්ෂිත කැරළිකරුවන්ගේ ප්‍රතිසංවර්ධනය ක්‍රියාවලිය කිසිසේත්ම සිදුවන්නේ නැත. මන්ද දිනපතා පුනරුත්ථාපන කඳවුරේදී තමන්ට මුනගැසෙන ප්‍රතිසංවර්ධන නිලධාරියාගේ රූපය යනු පෙර සන්ධර්බය තුල තමන් වැනසීමට පැමිණි ගම්දනවු විනාශකල සතුරාගේ රූපමය. අනෙක් පැත්තෙන් යුධ නිලධාරීන්ට හා සෙබළුන්ට පුනරුත්ථාපන අභ්‍යාසලාභීයා පෙනෙන්නෙ පැරණි පරාජිත සතුරෙකු ලෙසය.
විශේෂයෙන් නිලධාරීන්ට හා සෙබළුන්ට මේ ජය පරාජයේ අසමාන තාවය තුල තම තමවන්ව පෙනෙන්නේද ශ්‍රේෂ්ඨ රණවිරුවන් ලෙසය.
මෙහිදී හමුදාවන් තුල පවතින මිල්ටරි අබිමානය හේතුවෙන් ප්‍රතිසංවර්ධනය වන අභ්‍යාසලාභීන් පාලනය කරගත නොහැකි අවස්තාවල හමුදා මනසින් එළියට එන්නේ නිලධාරීන්ට ගරු නොකිරීමට එරෙහි නිලධාරීවාදී ප්‍රචන්ඩත්වයයි. ඒ හරහා ක්‍රියාවට නැංවෙන්නේද ම්ලේච්ඡ ශාරීරික පහරදීම් ය.
මෙහිදී මේ පුත්ගල ප්‍රතිසංවර්ධනය ක්‍රියාවලිය දේශපාලන කැරළිකරුවන් ප්‍රතිසංවර්ධනය කිරීමේ ක්‍රියාවලියෙන් එහාට ගොස් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කිරීමේ මනෝ වෛද්‍ය බූමිකාවද කන්දකාඩු වලදී හමුදාවට බාරදී ඇති බව පෙනේ. මේ තත්වය තුල සිදුවන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට ඉන් මිදීමට අවශ්‍ය මනෝ වෛද්‍ය චිකිත්සක ක්‍රියාවලිය නොලැබී ඒ වෙනුවට ඔවුන් තාඩන පීඩන මර්ධනයකට ගොදුරු වීමය.
ඒ අනුව මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කෙරෙන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කලක සිට ඇතිවන ගැටුම්, පහරදීම් පැනයාම් මියයාම් මේවන විටත් ඇසේ. එක් පැත්තකින් මෙය මුදල් කන අසාර්ථක ව්‍යාපෘතියක් වන අතර අනෙක් පැත්තෙන් මෙය මත් ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් කබලෙන් ලිපට වැටීමකි.
ඇත්තෙන්ම මෙහිදී සිදුවෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට අවශ්‍ය මනෝ වෛද්‍ය චිකිත්සක ක්‍රියාවලිය නොලැබී ඔවුන් තාඩන පීඩන මර්ධනයන්ට ගොදුරුවීමය. මෙහි කෙලවර විවිධ සමාජ පීඩනයන් හේතුවෙන් මත් ද්‍රව්‍යයන්ට ගොදුරු වූවන් ඒවාට පිළියම් ලැබීම කෙසේ වෙතත් අවසානයේ ඊටත්වඩා උග්‍ර පීඩනයකට ගොදුරුවී අවසානයෙ සියදිවි නසා ගන්නා අන්තයකට තල්ලුවී යෑමය.
මේ තත්වය ඇතිවීමටද හේතුවූයේ කල නොහැක්කක් නොමැති කෝකටත් තෛලය හමුදාව ලෙස පවතින ලාංකීය රණවිරු මනෝබාවයේම දිගුවක් ලෙසද විය හැකිය …
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN