ඉෂාරාට සැඟවීමට සහ පලායාමට සහය දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජිව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ලේ සංජිව නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකාරිය වූ දැනට අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට සැඟව සිටීමට හා පලායාමට ආධාර අනුබල දුන් බව කියන තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඇයට සැඟව සිටිමට ආධාර අනුබලදුන් සැකකරුවෙකු හා මුහුදු මගින් ඉන්දියාවට බෝට්ටුවකින් පලායාමට ආධාර අනුබලදුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

කිළිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී සහ තිහාරිය ඕගොඩපොල ප්‍රදේශයේදී එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔවුන් යාපනය හා කිළිනොච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

පැය 72 ක රැඳවුම් නියෝග මත ඔවුන් රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...