ඉරානයේ ලේවැකි නොවැම්බරය;ආරක්ෂක අංශ දුම්රිය ස්ථානයකදී කාන්තාවන්ට වෙඩිතබා පහර දේ. පුද්ගලයන් 6 දෙනෙක් මරුට

ඉරානයේ ආරක්ෂක අංශ විසින් ටෙහෙරානයේ මෙට්‍රෝ දුම්රිය පොළකදී හිස්වැසුම් නොපැළඳ සිටි කාන්තාවන්ට වෙඩි තබමින් බැටන් පොලු වලින් පහර දී ඇති බව වාර්තා වේ.


මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ දර්ශනවන දැක්වෙන්නේ ජනාකීර්ණ වේදිකාවකට පොලිසිය වෙඩි තැබීමෙන් පසු බිම වැටී ඇති බොහෝ දෙනෙකු පාගාදමන ආකාරයයි. මගීන් පිටවීම් දෙසට දිව යන අතර මැදිරි හරහා ගමන් කරන පොලීසිය කාන්තාවන්ට බැටන්පොලු වලින් පහර දෙනු දක්නට ලැබේ. ඉරානයේ මෙට්‍රෝ දුම්රිය සහ පොදු ප්‍රවාහනය බොහෝ විට සදාචාර පොලිසිය විසින් මුර සංචාරයේ යෙදෙන අතර ඒජන්සි ප්‍රංශ-ප්‍රෙස් වාර්තා කළේ එක රැයකින් රට පුරා ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගිය බවයි.


සිදුවීමෙන් අනතුරුව “අපි සටන් කරන්නෙමු! අපි මැරෙමු! අපි ඉරානය ආපසු ගන්නෙමු! ලෙස විරෝධතාකරුවන් දුසිම් ගනනක් ටෙහෙරාන් වීදියක හා මෙට්‍රෝ දුම්රිය පොළෙහි හිස් වැසුම්වලට ගිනි තබමින් ගායනා කරමින් සිය විරෝධය දක්වන අයුරුද දකනට ලැබිණි. මේලෙස මහ්සා අමීනිගේ මරණයත් සමඟ ආරම්භ වූ විරෝධතාවයන් මේ වන විට තුන්වන මාසයටත් එළඹ තිබේ.

ඔස්ලෝ පදනම් කරගත් ඉරාන මානව හිමිකම් (IHR) කණ්ඩායමට අනුව මාස දෙකක විරෝධතා හේතුවෙන් 300 කට වැඩි පිරිසක් ආරක්ෂක හමුදා විසින් මරා දමා ඇත. පුද්ගලයන් 15,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව එම සංවිධානය පවසන අතර එය ඉරාන බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...