ඉරානයේ ලේවැකි නොවැම්බරය;ආරක්ෂක අංශ දුම්රිය ස්ථානයකදී කාන්තාවන්ට වෙඩිතබා පහර දේ. පුද්ගලයන් 6 දෙනෙක් මරුට

Date:

ඉරානයේ ආරක්ෂක අංශ විසින් ටෙහෙරානයේ මෙට්‍රෝ දුම්රිය පොළකදී හිස්වැසුම් නොපැළඳ සිටි කාන්තාවන්ට වෙඩි තබමින් බැටන් පොලු වලින් පහර දී ඇති බව වාර්තා වේ.


මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ දර්ශනවන දැක්වෙන්නේ ජනාකීර්ණ වේදිකාවකට පොලිසිය වෙඩි තැබීමෙන් පසු බිම වැටී ඇති බොහෝ දෙනෙකු පාගාදමන ආකාරයයි. මගීන් පිටවීම් දෙසට දිව යන අතර මැදිරි හරහා ගමන් කරන පොලීසිය කාන්තාවන්ට බැටන්පොලු වලින් පහර දෙනු දක්නට ලැබේ. ඉරානයේ මෙට්‍රෝ දුම්රිය සහ පොදු ප්‍රවාහනය බොහෝ විට සදාචාර පොලිසිය විසින් මුර සංචාරයේ යෙදෙන අතර ඒජන්සි ප්‍රංශ-ප්‍රෙස් වාර්තා කළේ එක රැයකින් රට පුරා ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගිය බවයි.


සිදුවීමෙන් අනතුරුව “අපි සටන් කරන්නෙමු! අපි මැරෙමු! අපි ඉරානය ආපසු ගන්නෙමු! ලෙස විරෝධතාකරුවන් දුසිම් ගනනක් ටෙහෙරාන් වීදියක හා මෙට්‍රෝ දුම්රිය පොළෙහි හිස් වැසුම්වලට ගිනි තබමින් ගායනා කරමින් සිය විරෝධය දක්වන අයුරුද දකනට ලැබිණි. මේලෙස මහ්සා අමීනිගේ මරණයත් සමඟ ආරම්භ වූ විරෝධතාවයන් මේ වන විට තුන්වන මාසයටත් එළඹ තිබේ.

ඔස්ලෝ පදනම් කරගත් ඉරාන මානව හිමිකම් (IHR) කණ්ඩායමට අනුව මාස දෙකක විරෝධතා හේතුවෙන් 300 කට වැඩි පිරිසක් ආරක්ෂක හමුදා විසින් මරා දමා ඇත. පුද්ගලයන් 15,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව එම සංවිධානය පවසන අතර එය ඉරාන බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...