ශෂී වීරවංශට එරෙහි තවත් නඩුවක් විභාගයට දින නියම කෙරේ

රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු සඳහන් අයදුම්පතක් යොමුකිරීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එහිදී මෙම නඩුව විභාගය සඳහා 2023 පෙබරවාරි 24 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම පිළිබඳ නඩුවකින් මීට පෙර වැරදිකාරිය ලෙස තීන්දු කෙරුණු ශෂී වීරවංශ මහත්මියට බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවමක් නියම වූ අතර එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇය ඇප මත නිදහස්ව සිටී.

මෙම දෙවැනි නඩුව ගොනුකර ඇත්තේ එම රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත සිය උපන් දිනය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...