බැසිල් එනකොට ගුවන් තොටුපලට යන්න ඕනෑ CID නිලධාරීන් – මුජිබර්

බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙද්දී ගුවන් තොටුපලට යා යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

“අපට දැනගන්න ලැබුණා පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරුන් රාශියක් ගුවන් තොටුපලට ගිහිල්ලා තිබෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා පිළිගන්න මල්මාලා ඔක්කොම අරගෙන. හරිනම් ඒගොල්ලො නෙවෙයි ගුවන් තොටුපලට යන්න ඕනෙ. ගුවන් තොටුපලට යන්න ඕනෙ මේ රටේ ඉන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන්. ඔවුන් යන්න ඕනෙ ගුවන් තොටුපලට, ගිහිල්ලා වහාම එතුමාව අත් අඩංගුවට ගන්න ඕනෙ මේ රටට කරපු අපරාධයට”

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...