බැසිල් එනකොට ගුවන් තොටුපලට යන්න ඕනෑ CID නිලධාරීන් – මුජිබර්

බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙද්දී ගුවන් තොටුපලට යා යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

“අපට දැනගන්න ලැබුණා පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරුන් රාශියක් ගුවන් තොටුපලට ගිහිල්ලා තිබෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා පිළිගන්න මල්මාලා ඔක්කොම අරගෙන. හරිනම් ඒගොල්ලො නෙවෙයි ගුවන් තොටුපලට යන්න ඕනෙ. ගුවන් තොටුපලට යන්න ඕනෙ මේ රටේ ඉන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන්. ඔවුන් යන්න ඕනෙ ගුවන් තොටුපලට, ගිහිල්ලා වහාම එතුමාව අත් අඩංගුවට ගන්න ඕනෙ මේ රටට කරපු අපරාධයට”

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...