අපි ඉන්නේ ඉතාම අමාරු කාලයක. ජනප්‍රිය නොවෙන තීරණ ගන්න වෙනවා – මහබැංකු අධිපති (VIDEO)

රට පවතින්නේ අසීරු තත්වයක හෙයින් ජනප්‍රිය නොවන අසීරු තීරණ ගතයුතුව තිබෙන බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

“අපි ඉන්නෙ ඉතාම අමාරු කාලයක. අමාරු ආර්ථික අර්බුදයකින් ගොඩ එන එක පහසු නෑ. යම්කිසි අමාරු තීරණ ගන්න වෙනවා. මේවා ජනප්‍රිය තීරණ නොවෙයි. ජනප්‍රිය නොවෙන අමාරු තීරණ ගත්තාම යම්කිසි කොටසකට එයින් යම්කිසි පීඩාවක් වෙනවා. එතකොට ඒ පීඩාව තුළින් යම්කිසි ආකාරයක දෝෂාරෝපණ ඒ තීරණ ගන්න අයට එන්න පුළුවන්. නමුත් මොන තරම් දෝෂාරෝපණ ආවත් තමන් ගන්න තීරණය නිවැරදි නම් ඒවාට නොනැමී හරි දේ කිරීමේ හැකියාව සහ පන්නරය තියෙන්නට ඕනෙ.

රට වෙනුවෙන් මට කියන්න තියෙන්නෙ මේ වෙලාවේ විශෙෂයෙන්ම රටේ ආර්ථිකය මේ වගේ තත්වයකට පත්වෙච්ච අවස්ථාවක, ආර්ථිකය මෙහෙයවන අය, තීරණ ගන්න අය, නියෝජනය කරන අය, ප්‍රතිපත්ති හදන අය යම්කිසි ආකාරයක දක්ෂකම ඇති සුදුසුකම් ඇති අය ඒ ස්ථානවල කාලයක් තිස්සේ ක්‍රියාකරගෙන යනවා නම් මං හිතන්නේ අපි මේ තත්වයට පත් නොවෙන්න තිබුණා. එහෙම වුණා නම් අපි නිවැරදි තීරණ අරගෙන, හොඳම තීරණ අරගෙන සුදුස්සාට සුදුසු තැන ලැබිලා … එහෙම තමයි දියුණු රටවල් දියුණු වෙලා තියෙන්නෙ. සුදුස්සාට සුදුසු තැන නොලැබෙන, දක්ෂයාට ඒ දක්ෂකම් අනුව තරගකාරීව ඉදිරියට යන්න බැරි සමාජයක ක්‍රීඩාව ද දේශපාලනය ද ආර්ථිකය ද මේ කිසිම තැනක ඒක සාර්ථක වෙන්නෙ නෑ”

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (19) මාතර රාහුල විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...