“ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය” (Headline Inflation)

Date:

2022 ඔක්තෝම්බර් මාසයේ මෙරට “ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය” (Headline Inflation) 70.6%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

සැප්තැම්බර් මාසයේ එම අගය වාර්තා වී තිබුණේ 73.7%ක් ලෙසය.

එම දෙපාර්තමේන්තුව මගින් මාසිකව නිකුත් කරනු ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනයේ අඩුවීමක් පෙන්නුම් කෙරේ.

ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 85.8% ක් වන අතර ඔක්තෝම්බර් මාසයේදී එම අගය 80.9% දක්වා අඩු වී තිබේ.

ආහාර කාණ්ඩය සැලකූවිට ප්‍රධාන වශයෙන්, අළුත් මාළු, හාල්, කරවල, පොල්තෙල්, සීනි, මයිසූර් පරිප්පු, අර්තාපල්, කුකුල්මස්, බිස්කට්, තිරිඟුපිටි, මිරිස්කුඩු සහ අමුමිරිස් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇති තිබුණි.

කිරිපිටි, ලොකු ළූණු, අළුත් පළතුරු, දෙහි, තේ කොළ/කුඩු, පොල්, රතුළූණු, පාන්, හාල්පිටි, එළවළු,ළදරු කිරිපිටි, මුංඇට හා පපඩම් යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇත.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සැප්තැම්බර් මාසයේ 62.8%ක් වූ අතර ඔක්තෝම්බර් මාසයේදී එම අගය 61.3% දක්වා අඩු වී ඇත.

මේ අතර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පිළියෙළ කරනු ලබන පාරිභෝගික මිල දර්ශක සහ උද්ධමන අගයන් නිවැරදි නොවන බවට ඇතැම් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා කරන ලද ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම අගයන් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන් සහ නිර්දේශවලට අනුකුලව, විද්‍යානුකූල ක්‍රමවේදයන් යටතේ නිවැරදිව පිළියෙළ කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සිය නිවේදනයෙන් දැනුම් දී තිබේ.

රෂිකා හෙන්නායක
2022.11.21

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනිය ඇතුළු ඇමතිවරු 45ක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්...

යුදෙව් විරෝධී චෝදනා සම්බන්ධයෙන් ප්‍රංශය, ඇමරිකානු තානාපතිවරයා කැඳවයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: යුදෙව් විරෝධයට...

අපගේ පරමාර්ථය සමස්ථ දරු පරපුරටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන එක : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව...

විහස්ගෙන් විසල් දස්කමක්

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...