ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක්!

Date:

ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් සහ ඉන්ධන මිලට ගැනීමට ඩොලර් මිලියන 500 ක ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහත්වරුන් අද(15) පෙරවරුවේ අන්තර්ජාලය ඔස්සේ සාකච්ජා කර තිබේ.

එමෙන්ම ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන ඇත.

එම සාකච්ජාවේදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළකර ඇති ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ අතිශය වැදගත් මෙම අවස්ථාවේදී සෙසු ජාත්‍යන්තර හවුල්කරුවන් සමගද එක්ව ශ්‍රී ලංකාවට සහයවීම ඉන්දියාවේ අපේක්ෂාව බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන ඉන්දීය ව්‍යාපෘති සහ ආයෝජන සැළසුම් සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගෙන ඇත.

මානුෂීය පදනමින් සලකා දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් හැකි ඉක්මණින් නිදහස් කරන ලෙසද ඉන්දීය විදේශ අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතාට දන්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...