ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී…

Date:

පසුගියදා රට තුළ සිදුවූ සිදුවීම් පිටුපස සිටියේ කවුරුන්ද යන වග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ,

“මේ සභාවේ සාමාන්‍ය විදිහට අද මේවා ගැන වාද විවාද කරන්න අපි වාසනාවන්ත පුද්ගලයින්. මැයි 9 වනදා සහ ජුලි 13 වනදා අතර මේවා තියෙනවා ද නැද්ද කියලා අපි දැනගෙන හිටියේ නැහැ.”

“මැයි 09 වනදා සිද්ධිය ගැන අපි උසාවියට ගිහින් තියෙනවා. ආණ්ඩු පක්ෂයෙන් කවුරු හරි ගියාද?.. ඒවා ඔක්කොම බලන්න දැන් උසාවියට ගිහින් තියෙනවා.”

“ඒත් අනෙක් පැත්ත බලන්න. එක මන්ත්‍රීවරයෙක්ව පාරේ අමු අමුවේ මරලා දැම්මා. ගෝඨා ගෝ හොම් කියලා ඉස්සෙල්ලාම කියපු අනෙක් මන්ත්‍රී අනූනවයෙන් බේරුණේ.”

“මම ඊට ඉස්සෙල්ලා සුමානයෙත් එතුමා එක්ක කතා කර කර හිටියේ. එතුමා කිව්වේ ආණ්ඩුව වට්ටන්න ඕනේ කියලා. වට්ටන්න ඕනේ කිව්ව මිනිහව කාර් එකේ දාලා ගිනි තියන්න හදනවා.”

“මරාගන්න දේශපාලනයෙන් අපි ගියා. ඒත් මේ ගෙවල් ගිනිතිබ්බා. සමහරු ඔය රැස්වීමට අරලියගහ මන්දිරයට ගියේවත් නැහැ.”

“මං අහන්නේ එක ප්‍රශ්නයයි.. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආණ්ඩු පක්ෂයේ හෝ විරුද්ධ පක්ෂයේ.. ගෙවල් ගිනිතියනවා නම් මොකක්ද කරන්න ඕනේ. කාගේ වුණත් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන්න බැහැ.”

“මන්ත්‍රීවරු 196ක්ම මෙතනට ආවේ ඡන්ද දායකයින් තේරුව නිසා.”

“දැන් හොඳ වෘත්තියවේදීන් කියනවා අපිට ඊළඟ ඡන්දයට එන්න බැහැ… කියලා. බිරිඳ කියනවාලු ගිහින් ගේ ගිනිතියාගන්න එපා කියලා..”

“එහෙනම් අපි මේ අයට ආරක්ෂාව දෙන්න ඕනේ. වන්දි දෙන්න ඕනේ.”

“ජුලි 09 මොකක්ද වුණේ ?. ජනාධිපතිව පන්නලා දැම්මා. ජනාධිපති මන්දිරයට මොකක්ද වුණේ?. ගිහින් බලන්න ඒකෙ නැති කරලා තියෙන ඒවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ බිම වාඩි වුණා. එන්න දෙන්නේ නැහැ කිව්වා. මං ළඟ තියෙනවා ඒ කාලේ කිව්ව ඒවා ඔක්කොම. ඒවා ඔක්කොම විදේශ පත්තරවලට කිව්වේ. අපි මෙතන ඉන්නවා..අපි යන්නෑ කියලා.”

“මගේ නිවස ගිනි තිබ්බේ මං අයින් වෙන්නේ නැහැ කියලා. මං කොහොමද අයින් වෙන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණා.”

“13 වනදා ආවා පාර්ලිමේන්තුව අල්ල ගන්න. මේක අරගෙන කියන්න ගියේ අපි මෙහෙමයි කරන්නේ. මේකයි ආණ්ඩුව කියලා. රූකඩ ආණ්ඩුවක්. ඒකයි මම විපක්ෂයටත් කියන්නේ. වුණු දේ වුණා. ඒත් මෙහෙම බලවේගවලට යටත් වෙන්න එපා.”

“කවුද මේක පිටිපස්සේ හිටියේ. කුමාර් ගුණරත්නමුයි පෙරටුගාමී සංවිධානයයි.”

“හැමදාම විදේශ පුවත්වත්වල ගිහින් දානවා.. මං වාගේ ඒකාධිපතියෙක් වෙන කොහේවත් නැහැ. 17 වන සංශෝධනය ගෙනල්ලා කරෙත් මම. 19 ගෙනාවෙත් මම. 21 ගෙනාවෙත් මං. දැන් මං හිට්ලර් වාගේ. ඒකයි වෙලා තියෙන්නේ.”

යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය .

රෂිකා හෙන්නායක
2022.11.24

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...