තවත් රාජ්‍ය ආයතනයක සභාපතිවරයකුට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දෙයි !

Date:

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට වහාම සිය තනතුරින් ඉල්ලා අස්වෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දැනුම් දී තිබේ.

රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත ජනතාවට පහසුකම් සැලසීම හා ප්‍රවාහන සේවය නඟා සිටුවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට අවනත නොවීම මත කිංස්ලි රණවක මහතාට ලංගම සභාපති ධුරයෙන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දී ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හිතාමතාම ක්‍රියාත්මක නොකිරීම මීට ආසන්නතම හේතුව බවත් එම මාධ්‍ය ඒකකය නිවේදනයක් මගින් පෙන්වා දී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...