*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

අලි මිනිස් ගැටුමෙන් වන අලි මරණ හා මිනිස් මරණ ඉහළට

තිසර සමල් (අනුරාධපුර) 2022.12.05: 2022 වර්ෂය තුළ මේ වන විට අලි- මිනිස් ගැටුමෙන්  වන අලි මරණ 395 ක්  හා  මිනිස් මරණ  127 ක්  වාර්ථා වී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් අමාත්‍යය මහින්ද අමරවීර මහතා පැවසීය.ඉන් අලි මරණ 72 ක් මා  මිනිස් මරණ 32 ක්  අනුරාධපුර වනජීවී කළාපය තුළ සිදුව ඇත.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති කෘෂිකර්ම නිළධාරීන් දැනුම්වත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයට අදාළ නිළධාරීන්, වනජීවී හා වනසම්පත් නිළධාරීන් මෙම සාකච්ජාවට සහභාගී වූ අතර, එහිදී මේ වන විට දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු වල ප්‍රගතිය, පොහොර බෙදා හැරීම, අස්වනු මිලදී ගැනීම, අලි මිනිස් ගැටුම ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

මෙහිදී අහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ,

මේ දිස්ත්‍රික්ක වල ගොවි ජනතාව වගේම අනෙකුත් දිස්ත්‍රික්ක වල ගොවි ජනතාව පසුගිය කාලයේ ගොවිබිමේ නෙවේ හිටියේ මහපාරේ තමයි අරගල වල යෙදිලා හිටියේ.විරෝධතා වල යෙදිලා හිටියේ.ඒක අපි දැක්කා.අපි අමාත්‍යංශ භාර ගන්නකොටත් ඒ්කම තමයි තත්ත්වේ උනේ.අපිට පළවෙනියටම තිබුණ අභියෝගය තමයි කොහොමද මේ ගොවි ජනතාව නැවත ගොවි බිමි වලට යොමු කරන්නේ කියලා.අපි ගිය යළ කන්නේ ඒ වෙලාවේ සැලසුම් වෙලා තිබුණේ හෙක්ටයාර් දෙලක්ෂ හැටදාහක් වගා කරලා තිබුණා.ඒක හැත්තෑ පන්දාහ දක්වා වැඩි කිරීම තමයි අරමුණ වෙලා තිබ්බේ.නමුත් අපි ගත්තු ක්‍රියාමාර්ග සහ උනන්දු කිරීම් හා  පොහොර ලබා දෙනවා කියන පණිවුඩය සමඟ දෙලක්ෂ හතලිස් අටදාහක ප්‍රමාණය  පන්ලක්ෂ දෙදාහ දක්වා වැඩී කරගන්න ලැබුණා.දැන් ඒවායේ අස්වැන්න එනවා.දැන් ඒකටත් ගැටළු නිර්මාණය වෙලා නැත්තේ නෑ.අස්වැන්න ආවම  වී විකුණා ගැනීමේ ගැටළුවකට අපේ ගොවීන් මුහුණ දෙමින් සිටින බව අපි දන්නවා.තවදුරටත් අපි ඒ අඩුපාඩු පිළිගන්නවා රජයක් විදිහට.අපේ ඒ කටයුත්තට අපේ අමාත්‍යංශයෙන් හෝ වෙනත් අමාත්‍යංශයකින් නිසි අයුරින් දායක වෙන්න බැරිවුණා.කෙසේ වෙතත් දැන් මාස් කන්නේ ආරම්භ වෙලා තියෙන්නේ.මේ මාස් කන්නය නිසි අයුරින් කර ගැනීම අනිවාර්යයයෙන්ම කළ යුතුයි.අපි මෙතනින් පස්සේ රටින් හාල් ගෙනැල්ලා රටහාල් කවන්නවත්.රටින් බඩඉරිගු ගෙනැල්ලා අවශ්‍යතාවය සම්පූර්ණ කර ගන්නවත්ථ අනෙකුත් අතිරේක බෝග රටින් ගේන්නවත් නෙවේ.අපිට අවශ්‍ය ආහාර ටික අපේ රට තුළ නිෂ්පාදනය කර ගැනීමේ වැඩපිළිවෙළක් තමයි අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ.ඒ වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් අපි ආරම්භ කරලා තියනවා.පළමුවෙනියටම තිබුණ අභියෝගය අපි ජයග්‍රහණය කරනවා.ඒ තමයි සියළුම දෙනා දැන් ගොවි බිම්වලට ගිහිල්ලා තියනවා.ඊළඟට අපිට තියෙන අභියෝගය බඩඉරිඟු වගාව.මේ වතාවේ අපේ අවශ්‍යතාවයට සරිලන බඩ ඉරිඟු 80%ක්වත්රටින්  ගේන්න වෙනවා .අපිට අපේ නිෂ්පාදනය ප්‍රමාණවත් වුණේ නෑ.එහෙමනම් ඒක මේ වතාවේ මාස් කන්නයේ අපි  50%කට උඩින් මේ නිෂ්පාදන ඇති කර ගන්න අපි වැඩපිළිවෙළක් සකස් කර ගන්න ඔ්න.ඒ සඳහා අපි දැනටමත් අවශ්‍ය කටයුතු කරගෙන යනවා.අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 14000කට අපි නොමිලේ බීජ ලබා දීලා තියෙනවා. අතිරේකව අපි වෙන අමාත්‍යංශ එක්ක එකතු වෙලා වෙනත් බීජ ලබා දීම්, පොහොර ලබා දීම්, සමහර අංශ වලින් මුදල් දීලා තියෙනවා.මේ වතාවේ අංක 01ට බඩඉරිඟු වගාවෙන් ඉන්නේ මොණරාගල,අපි ඊළඟ වතාවේ නැවත බලාපොරොත්තු වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කය බඩඉරිඟු වගාවෙන් අංක 01ට ‌ෙගන එයි  කියලා.

බර්ටි දිසානායක මැතිතුමා තමයි බඩඉරිඟු වගාව ලංකාවේ කරන්න පුළුවන් කියලා ඒ  අභි යෝගාත්මක අවස්ථාවේ මට මතකයි මං පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවේ ලොකු සටනක් කරලා අපි බඩඉරිඟු වලින් ස්වයංපෝෂිත වෙමින් තිබුණා.දැන් ඒක අනික්පැත්තට හැරිලා තියෙන්නේ.දැන් එහෙමනම් ආයේ එතුමාගේ පුත්‍රරත්නයට ඒ වගකීම තියෙනවා තාත්තා කරපු කාර්යයට මූලිකත්වය අරගෙන නැවතත් බඩඉරිඟු අවශ්‍යතාවය වැඩි ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවිබිමෙන්ම නිෂ්පාදනය කරලා දෙයි කියලා අපි විශ්වාස කරනවා.එතුමා ඒ පිළිබඳව නිරන්නතරයෙන්ම එතුමාගේ පියා වගේම බොහෝ අදහස් දක්වනවා.මං හිතන්නේ අපිට සාර්ථක කර ගන්න පුළුවන් වෙයි කියලා.ඒ වගේම බොහෝම අමාරු තත්ත්වයක ගොවි ජනතාවක් ජීවත් වෙන්නේ මං දන්නවා ඒක.බොහෝම ආර්ථික වශයෙන් අමාරුයි.ඒ අයට නැඟී සිටින්න අපි ආධාර උපකාර රාශියක් කරනවා.දැන් මේ වෙනකොට මෙ වතාවේ පොහොර ලබා දීම ක්‍රියාත්මක වෙනවා.පොහොර නැව් තුනක් අදත් වරායට ඇවිල්ලා තියෙනවා මේ වෙද්දි.බණ්ඩි පොහොර නැවක් මෙට්‍රික් ටොන් 41800ක නැවක් වගේම යූරියා 16 000 ක එකක් හා වෙනම ආධාර විදිහට මෙට්‍රික් ටොන් 9000 කට ආසන්න ප්‍රමාණයක් ඇවිත් තියෙනවා . මේ දවස් වල වරාය කාර්ය බහුල වෙලා තියෙන්නේ අපේ පොහොර නැව් වලින්.

අපේ මේ වැඩපිළිවෙළට අකුල් හෙලන, බාධා කරන කණ්ඩායම් නැත්තේ නෑ.සමහර ගොවි සංවිධාන දේශපාලන හස්තයන්ට ගොදුරු වෙලා තියෙනවා.ඒ අය ගොවියා අධෛර්යට පත් කරන්න විවිධ දේවල් ප්‍රකාශයට පත් කරනවා.ඒ නිසා අපි මේ ක්ෂේත්‍ර වල සියළු නිළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා දේශපාලනය ඡන්දය වෙලාවට තියාගන්න.දැන් මේ වෙලාවේ මේවාට අහු නොවී ගොවි ජනතාව ගොවි බිම් වලට යවන්න ඒ  අයව උනන්දු කරන්න කටයුතු කරන්න.මොකද මුලින් කිව්වා පොහොර දෙන්නේ නෑ.ඒක අදියරකටයි පොහොර ලංකාවේ කියෙන්නේ කියලා.ගිය කන්නේ කිව්වා බාල පොහොර ගේන්නේ කියලා.මං හිතන්නේ අවුරුදු ගානකට පස්සේ ගෙනා හොඳම පොහොර.ඒවාට බාල පොහොර කිව්වා.මේ සැරෙත් දැන් කිව්වේ ඒක.පොහොර හම්බෙන්නේ නෑ.මේ බොරුවක් කරන්නේ.ඒ හින්දා වගාවෙන් වැඩක් නෑ කිව්වා.ලංකාවේ නෑ එහෙම ප්‍රමාණයක් කියලා කිව්වා.මම කියද්දී කියද්දී පොහොර දෙනවා කියලා.ඒක වෙන්නේ නෑ කිව්වා.දැන් ටික දවසක් කටවහන් ඉඳලා ආයේ පටන් ගනී මොකක් හරි.

දැන් පහුගිය දවස් වල පොහොර කිරුවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පොහොර කිරලා ගණන් හදලා කිව්වා, ඒඒක පොහොර මිටියකින් කිලෝ එකක් අඩුයි.එතකොට ඒකට කිලෝ ලක්ෂ මෙච්චරයි අඩුයි.කෝටි කොච්චරද ගාණක් හොරකම් කරලා ගහගෙන කිව්වා.දැන් එය නිසා මම කිව්වා පොහොර දෙන්න ඕන තැනකදී හැම  ගොවිජන සේවා එකකදිම.තරාදිය තියලා පොහොර කිර ගන්න ඕන කෙනෙකුට දෙන්න කියලා.ඊට පස්සෙ අපට වාර්තා වෙන්නේ නෑ.ඒ වගේම එතන  කිරපු පොහොර මිටි 14, වාර්තාවේ දැන් ඒවී,  මොකද අධිකරණයේ තියෙන නිසා මං.නිල වශයෙන් කියන්නේ නෑ,   ඒක සම්පූර්ණ බොරුවක්.  එක පොහොර බෑග් එකක,   ග්රෑම් 350 ක් අඩුයි කියලා වාර්ථා වෙනවා, ඒ දේවල් විය හැකියි පනහට වැඩියෙන් තියෙන ඒවත් තියෙනවා.මේ බලන්න සම්පූර්ණ අසත්‍යයක්, කොච්චර මට බැන්නාද ඒ දවස් වල, ගොවි සංවිධාන.හැම තැනින්ම එඑක දවසෙන් මේක අල්ලනවා එක  දවසෙන් බනිනවා, දැන් මම අපි කිව්වේ නිලධාරියා විරුද්ධව සම්පූර්ණ කටයුතු කරන්න ඕන. රජය මේ පොහොර ටික ලබා දෙන වැඩපිළිවෙල අනෙක් පැත්තට හරවන්න.මේ නිළධාරියා දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා වෙන්න පුලුවන්. මේක අනිත් පැත්තට හැරෙව්වට  තනිකර මාධ්‍යයෙන් පොහොර හොරට දෙනවා කියලා.ඒ ‌වගේ  නිලධාරීන් එක්ක අපි කටයුතු කිරීම පිළිබඳව ප්‍රශ්නයක්.පාරිභෝගික අධිකාරිය අධිකාරිය කටයුතු කරන්න ඕන ඒක  ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ ගොල්ල පළවෙනියට හොයන්න ඔ්න අනික්   පෞද්ගලික අංශයේ තියෙන ඒවා.මේ නිලධාරියා  පළවෙනියටම ගිහින් තියෙන්නේ අපේ ගොවිපොලකට ගිහිල්ලා හාල් ඇල්ලුවා පළවෙනි සැරේ,දෙවැනි සැරේ මේක කර, මේ වගේ දේවල් තියෙන අපේම. අපි ඒවට විරුද්ධව නීත්යානුකූලව සහ විනය විනයානුකූලව කටයුතු කරන්න අපි පසුබට වෙන්නේ නැහැ. යූරියා මේ වතාවෙත් රුපියල් දහදාහට දෙන්නෙ එකේ සහනාධාරය විතරක් අපි බිලියන 16000-18000 ක් විතර, ඊට අමතරව කාබනික පොහොර ගන්න රුපියල් 20 000ක මුදලක් දෙනවා.ඒක ගොවීන්ට කැමති කාබනික පොහොර  වර්ගයක් මිලඳී ගැනීමේ හැකියාව තියෙනවා.

ඒ වගේම ඊට අතිරේකව අපිට ඉන්ධන තොගයක් ලැබිලා තියෙනවා ඒක  අපි මේ වෙලාවේ දැනුම් දෙන්න යන්නෙ නෑ. මොකද ගොඩක් අය වපුරලා ඉවරයි මේ වෙලාවේ.ඒක අපි  ගොයම් කපන වෙලාවට  නොමිලේම ගොවීන් වෙත බෙදා දෙන කටයුතු කරනවා.අපි උත්සාහයක් දැරුවා මඩ පොහොර ලබා දෙන්න දෙන්න. නමුත් අපිට යුක්රේන් වල ඇතිවෙලා තියෙන යුධමය තත්වය නිසා ඒක දෙන්න බැරි වුණත්,  දැන් කන්නේ ආරම්භ වෙලා තියෙනවා, එන යල කන්නෙ පටන් ගන්න වෙලාවටමම නොමිලේ මඩ පොහොර ටිකත්  ලබාදෙන්න කටයුතු කරනවා. මේ සියල්ල කරන්නෙ අපේ රටට අවශ්‍ය බත සපයන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ගන්න.නිලධාරි මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි. මේ වැඩසටහන බොහෝ අමාරුවෙන් කරන්නේ මේකෙදී ගොවියා අධෛර්ය නොවන විදිහට මේකට මැදිහත් වෙලා ක්ෂණිකවම ක්‍රියාත්මක වෙන්න. කොතැනකදිවත් අපිට අහන්න තියන්න එපා පොහොර  හිඟයක් කොහෙ හරි තියෙනවා කියලා,හෙට වෙන කොට අපි අනෙක්  අවශ්‍ය පොහොර ඔක්කොම එවනවා.එහෙම දුරකථන ඇමතුමක් වත් එන්නේ නැති තත්වයට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මම ඉල්ලා සිටිනවා සියළුම නිලධාරී මහත්වරුන්ගෙන් ,  මම කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නෙත්.මෙම ලේකම් වෙන්නෙත් මේ ඉන්න අධ්‍යක්ෂ ජනරාල්තුමාලා ඇතුළු  මේ ඔක්කොම අපි කෘෂිකර්ම ක්ෂේත්රයට අදාළව මේ තත්වයෙන්   කටයුතු කරන්නේ ගොවි ජනතාව නිසා.ඒ අය තමයි අපේ ප්‍රධානම ඉලක්ක ගත කණ්ඩායම.

ඒ නිසා ඒ අය ඉතාමත්.හොඳින් අවබෝධ කරලා දෙන්න ඒ අයව පිළිගන්න ඒ අයට නියමිත වෙලාවට මේ සහාය ලබා දෙන්න කියන ඉල්ලීම මම මේ  අවස්ථාවේ කරන්න කැමැති යි.

වන සංරක්ෂන ගැටලුවක් ලෙස  එහිදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා, 

දැන්  හේන් වගාවේදී ඔබතුමාලා සියලු දෙනාම දන්නවා.හැම හේන් කනනයක්  කරද්දිම ඇමතිතුමනි අපට කරදරයි,  ඔබතුමාලට කරදරයි, අපෙන්  අමාත්‍යංශයේ  ඉන්න ඇමැතිවරයාට කරදරයි. කවුරු හරි මැදිහත් වෙලා තමයි මේක බේරලා දෙන්න ඕනකම තියෙනවා.මම  යෝජනා කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියමු  ව්‍යාපෘතියක් විදිහට  අපට මේක ඉවරයක් කරලා  දෙන්න, මේ ඉඩම ඔබතුමාලගේ භාරයේ තියෙද්දී  අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න මායිම් ගල් ටික දාලා දෙන්න.හැබැයි  දැන් වෙලා තියෙන්නේ කවුරු හරි කතා බහ කරන්න පුලුවන් නිලධාරියෙක් ඉන්න තැනදි කතාබහ කරලා.අපි වැඩේ ගොඩදාගන්නවා, සමහර වෙලාවට අපි මැදිහත් වෙලා මේ ගොඩ දා ගන්නවා. සමහර වෙලාවට ගොවි මහත්වරුම  කතාබහ කරගෙන ගොඩ දා ගන්නවා. එහෙම නැති තැන්වල නිරන්තරයෙන්ම කන්නයෙන් කන්නයට  නඩු වැටෙනවා, . මේ අසාධාරණය ගොවි මහතුන් කරන්නත් එපා. ඔබ තුමාටත් ඊට වඩා රාජකාරි තියෙනවා කරන්න .මේක ලබන අවුරුද්දේ හරි.මේ  ප්‍රාදේශීය ලේකම්තුමා ලා,  ගොවි සංවිධාන, ග්‍රාම නිළධාරීතුමාලා,  කෘෂි පර්යේෂණ  නිළධාරීන්  මේ සියලු  දෙනාම රැස්කරගෙන මෙන්න මෙච්චරයි ඔබතුමාට යන්න පුළුවන් කියලා ඉවරයක් කරලා දෙන්න,  ඉන් එහාට අඟලක්වත් යන්න දෙන්න එපා. මේක හරි ආකාරව බේරගන්න ඇති නිසා නිරන්තරයෙන් ඔබතුමාලා කැලෑ  ටිකක් කපාගෙනඇතුලට යනවා. ගොවි මහත්වරු,  මේ ප්‍රමාණයට විතරයි යන්න පුළුවන් කියලා ගල් ටික දාලා. හැබැයි අවුරුදු ගාණක් හේන් කරපු එකේ ඔබතුමාලගෙ අයිතිය තියාගෙන පරම්පරා ගානක් හේන් කරපු මිනිසුන්ට හේන්  කරන්න දීලා,  ඇතුළට යන එක වළක්වන්න. මේකට ස්ථිරසාර විසඳුමක් හදලා දෙන්න. යැයි පැවසීය.

අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යය මහින්ද අමරවීර මහතා, 

ලංකාවේම 2021 වන අලි මරණ 344 ක් තීයෙනවා, 2022 වන අලි මරණ 395 ක් කියලා වාර්ථා වෙලා තියෙනවා, වන අලි පහරදීමෙන් මිනිස් මරණ 2021 වර්ෂයේදී 133 කුත්, 2022 මේ වන විට 127කුත් වාර්ථා වෙලා තියෙනවා, ඒකෙනුත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා, පසුගිය දිනවලත් අමිහිරි අත්දැකීම් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා.

වනජීවී සහකාර අද්‍යක්ෂ ඩබ්.ඒම්.කේ  චන්ද්‍රරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ, – අලි මිනිස් ගැටුමෙන්  2022 මේ වන විට වන අලි මරණ 72 ක්, මිනිස් මරණ 32 ක් සිද්ධ වෙලා තියෙනවා  යනුවෙනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යයතුමන්. 

සේවකයින්ගේ හිඟය විශාල ලෙස බලපානවා මේ ගැටලුවට,හැබැයි  හැමෝම දන්නවා අලුතින් සේවකයින් බඳවා ගන්න බෑ කියලා, ඒ නිසා වනජීවී හා වන සංරක්ෂණ දෙක එකක් කරනවා, පොහොර සංස්ථා දෙක එකක් කරනවා අපි, මිල්කෝ එකයි, එන්.එල්.ඩීබී එකයි එකක් කරනවා, මේ විදිහට ආයතන ඒකාබද්ධ කරහම සේවක ප්‍රශ්නය විසඳාගන්න පුලුවන් වගේම වාහන ප්‍රශ්න, කාර්යාල ප්‍රශ්න විසඳාගන්න පුලුවන්.අබේ ඉලක්කය තියෙන්නේ මේ වන අලි ප්‍රශ්නය දිගට ගෙනියන්න නෙමෙයි, හැමදාම මේ ප්‍රශ්නය විසඳනවා කියලා ඡන්ද වේදිකාවේදීත් කියනවා, ඉදිරි අවුරුදු 02 ඇතුළත වන අලි ගමන් කරන  මාර්ග ටික අරිනවා, කොරිඩෝ 16 ක් තියෙනවා, අපි එන අවුරුද්දේ 03 ක් විවෘත කරනවා, 50% කින් විතර වන අලි ගම්වැදීම අඩු කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. අලි වැට ඉදි කිරීම සඳහා අවශ්‍යය පහසුකම් කඩිනමින් සකස් කරන්න කටයුතු කරන්න. තවත් ආණ්ඩඩුවකට මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න ඉඩ නොතියා අපි මේ ප්‍රශ්නය විසඳමු.පරණ විදිහට හිතන් නැතිව අලුත් විදිහට අපි හිතමු   යැයි පැවසීය.

මෙම අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක,අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුලු රාජ්‍යය නිළධාරීන්  පිරිසක් එක්විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan