ඔක්ටේන් 92 වෙනුවට 91 පෙට්‍රල් මෙරටට ගෙන්වීමට යන බවට චෝදනා. ජපන් වාහනවලට ප්‍රශ්නයක් ?

Date:

මෙරට දැනට භාවිතා කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 91 වර්ගයේ පෙට්‍රල් ගෙන්වීමේ සූදානමක් පවතින බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

”කාගෙ උපදෙසකටද ඔක්ටේන් 92, 91 කරලා තියෙන්නෙ ? දැන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රසිද්ධ කරලා තියෙනවා 91 කියලා. ඇමතිවරයා තාම මාධ්‍යයට එන්නෙ නෑ. මොකද 91 කරනවා නම් මිල අඩුයි. හැබැයි ජපන් වාහනවලට ඔරොත්තු දෙන්නෙ නෑ. ඇමතිවරයා ඉන්දියාවට බයයි. ඇමතිවරයා වැඩ කළේ ඉන්දියාවට ඕනෙ විදියට. ඩොලර් මිලියන 500ක් ඉන්දියාව දෙන්නෙ, ඉන්දියාවෙන් ඉන්ධන ගන්න ඕනෙ. ඉන්දියාවෙ තියෙන්නෙ 91 පෙට්‍රල්. මොකද ඉන්දීය වාහනවලට ඒක ගැලපෙනවා. හැබැයි අපේ වාහනවලට ඒක ගැලපෙන්නෙ නෑ”

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේවෙතත් මාධ්‍ය කළ විමසීමකදී උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...