බිඳිච්ච හදවත් එක්කාසු කරන්න පුළුවන් රත්තරන් !

Date:

ෆෙඩ්-අප් ලයිෆ් එක පොඩ්ඩක් බ්ලෝව්-අප් කරගන්ඩ හීනි පොයින්ට් එකක් අතාරින්න baltimora හිතුවා. මේ අවුරුද්දෙත් වාටිය පේන මානෙ අපි ඉන්නෙ. ඒ නිසාම මේක ඉම්පෝටන් සයින් එකක් වෙන්න පුළුවන්. 

අනං – මනං වානා බ්‍රෝ. අපි ඔක්කොම ඉන්නෙ කැඩිච්ච ලයිෆ් එකක් අතේ තියාගෙන. ඉකොනමිකලි ද කල්චරලි ද සෝෂලි ද හැම පැත්තෙම්ම අපි චොර චොප්සි වෙලා ඉන්නෙ. ස්ට්‍රෙස් එකේ අනන්තයත් පාස් කරලා. හිතේ හයියත් වේගෙන් හීන වේගෙන යනවා වගේ දැනෙනවා ඇති. හැබැයි වට් ටු ඩූ? මුහුණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ඒ මුහුණ දීම විඳවීමෙන් කරනවට වඩා විඳිමින් කරන්න පුළුවන් විදියක් ගැනයි baltimoraට කියන්න ඕන වෙන්නෙ. ඇත්තම කිව්වොත් මේක මහා සද්දන්ත වැඩක් නෙවේ. කට්ටියට මේක ඉග්නෝර් කරන්නත් ලිමිට්ලස් අයිතියක් තියෙනවා. පිළිගන්නත් එහෙමයි. 

ලයිෆ් වගේම මූමන්ට්ස් පවා සර්ව සම්පූර්ණ නෑ. සමහර මිනිස්සු නිකමට වගේ කියන්නෙ, අයි ඈම් පර්ෆෙක්ට්ලි ඉම්පර්ෆෙක්ට් කියල. ඒක තමා ඇත්ත. අසම්පූර්ණ දේ වැලඳ ගැනීම තමයි , ලිවින් ඉන්  ලයිෆ් කියන්නෙ. මේ වැඩේ ඇත්තටම ලේසි නෑ. ඒ ඉම්පර්ෆෙක්ට්නස් එක ආට් එකක් කරගෙන ලයිෆ් එකේ එදිනෙදා මොහොත විඳින්න පුළුවන් නම් ඒක පට්ට! 

ප්‍රශ්නය තමාගෙ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියල කියනවා. මේ කියන්නෙ ප්‍රශ්න හරි අසම්පූර්ණත්වය හරි අවොයිඩ් කරලා වෙන වැඩක් බලන් ඉන්න කියන එක නෙවේ. පොර ටෝක්ස් දෙනවත් නෙවේ. මේ ප්‍රශ්නකාරී වෙහෙසකාරී මොහොත සවර් කර ගන්නැතුව ස්වීට් කරගන්න කියලයි. ඒක ජපන්නු වෙනම  කොන්සෙප්ට් එකක් විදියට ස්ටඩී කරන දෙයක්. ‘වාබි සාබි’ කියලා නෝම් එකක් ජපන්නු අතර තියෙනවා. මේ නෝම් එක මුල්කරගෙන ‘කින්සුගි’ කියල කොන්සෙප්ට් එකක් ක්‍රියේට් වෙනවා. 

‘වාබි’ වල තේරුම, ඕනම දෙයක ලස්සනක් දැකීම කියන එක. ‘ සාබි’ කියන්නෙ කාලයත් එක්ක දිරාපත් වෙලා චොප්ප චොරොස් වෙලා යන ඕනම දෙයක සැඟවුණු සුන්දරකමක් දැකීම කියන එක. මේ දෙකේම මික්ස් එකකින් බිහිවෙන ‘ කින්සුගි’ කොන්සෙප්ට් එකෙන් කියන්නෙ ‘ කැඩිච්ච බිඳිච්ච දෙයක් තිබුණට වඩා කොලිටියට රී-බිල්ඩ් කරන්න පුළුවන් කියන විශ්වාසය මිනිස්සුන්ගෙ ඔලුවල පැළ කරන එක. 

‘කින්සුගි’ ආට් එකක්. මේ ආට් ස්ටයිල් එක හරහා තමයි අර උඩ කිව්ව ෆිලෝසොෆි එක ක්‍රියේට් කරන්නෙ. ඇත්තටම මේකෙදි වෙන්නෙ ඉරි තැලිච්ච, කැඩිච්ච පිඟන් බඩුවල කෑලි එක්කහු කරලා රත්තරන්වලින් හදපු මිශ්‍රණයකින් ඒ කෑලි එක්කහු කරන එක. එතකොට කලින් තිබුණට වඩා වටිනාකමක් ඒ භාණ්ඩයට ලැබෙනවා. ඒකට හේතුව රත්තරන් ආලේපනය. 

මේ වැඩේ විධි තුනකට වෙනවා. පළවෙනි එක, භාණඩයක් ඉරිතැලුණම ඒ ඉරිතැලුමට රත්තරන් ආලේප කරන එක. දෙවනි එක, සීසීකඩ කැඩුණු බඳුනක කෑලි එකට එක්කහු කරලා රීබිල්ඩ් කරද්දි කෑලි කිහිපයක් අඩුව තිබ්බොත් රත්තරන්වලින් හදන කැබලි එබ්බවීම. තුන්වෙනි එක, විවිධ වර්ගවල විසිකිරීමට නියමිත ඉතුරු-බිතුරු කෑලි එක්කහු කරලා කරාබු, ඕනමන්ට්ස් වගේ වෙනමම දෙයක් නිර්මාණය කිරීම. මේ වෙනුවෙන් රත්රන් ලෝහයම ජපන්නු යූස් කරන්නෙ අර කියන ෆිලෝසොෆි එක මිනිස්සු අතරට ගේන්න ඕන නිසාමයි. නැත්තන් උන්ට තිබුණා මැටි වගේ දෙයකින් මේ වැඩේ කරන්න.  ආට් අස්සෙ තියෙන්නෙ ජීවිතේ කියල කිව්වෙ ඒකයි. 

හිතන්ඩ පුළුවන් දෙයක් තියෙනවා නම් හිතන්ඩ කියල තමා baltimoraට අන්තිමට කියන්ඩ තියෙන්නෙ.

BALTIMORA 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...