මොරොක්කෝවේ ඓතිහාසික ජයෙන් යුරෝපය සහ දකුණු ඇමෙරිකාව අතරට අප්‍රිකාවත් එකතු වෙයි

Date:

මේ වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසාන කණ්ඩායම් අට තේරි හමාරය.එම කණ්ඩායම් අතර අර්ධ අවසන් පූර්ව තරග නොවැම්බර් 9 දා ඇරඹෙන්නට සූදානම් ය.දැනට අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ඇති එංගලන්තය,ප්‍රංශය,කොඒෂියාව,නෙදර්ලන්තය සහ පෘතුගාලය යුරෝපීය රටවල්ය.ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය අයත් වන්නේ දකුණු ඇමෙරිකාවටය. දකුණු ඇමෙරිකාව සහ යුරෝපය අතර අර්ධ අවසන් පූර්ව වටයක් වීමට තිබූ ඉඩ ඇහිරූ මොරොක්කෝව නිදහස් පහර මඟින් තීරණය වූ මොරොක්කෝව ස්පාඤ්ඤය අතර තරගයේ ජය තහවුරු කර ගත්තේ ගෝල 3- 0 ක් ලෙස වූ නිදහස් පහර හරහා ය.
ස්පාඤ්ඤයේ නිදහස් පහර මොරොක්කෝ දැල් රකින යාසීන් බොනෝනෝ ගේ දෑත් අතරින් රිංගා යන්නට ඉඩක් නොලැබීය.ඒ නිසා ඉතිහාසයේ ප්‍රථම වරට මොරොක්කෝ කණ්ඩායමට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන පූර්ව වටයට පිවිසෙන්නට අවස්ථාව බොනෝනෝගේ සුරක්ෂිත දෑස හරහා මොරොක්කෝවට ලැබිණ.උතුරු අප්‍රිකානු කළාපයට අයත් මොරෙක්කෝව මේ ජයග්‍රහණය තැනූ යාෂින් බොනෝනෝ ජාතික වීරයෙක් සේ සළකන අතර එම ඓතිහාසික ජයත් සමඟ අර්ධ අවසන් පූර්ව තරගවලදී මොරොක්කෝවට හමුවන්නේ යාසින් බොනෝනෝ ගේ රැකවල්ලෑමට අභියෝගයක් විය හැකි ප්‍රහාරයන් බහුල කණ්ඩායමක් වන පෘතුගාලය ය.ඔවුන් ස්විට්සර්ලන්තය පරාජයට පත් කළේ ගෝල 6 – 1 ක් ලෙස ය.
පෘතුගාලය මේ තරගයේදී 74 වන විනාඩිය තෙක්ම ඔවුන් සතු සුපිරිතම ක්‍රීඩකයා වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පිටියට කැඳ වූයේ නැත.එසේ වුවානම් යම් ආකාරයකින් ස්විටස්ර්ලන්තයේ ඉරණම මීටත් වඩා නරක් වන්නට තිබිණි.කෙසේ වුව රොනාල්ඩෝගේ ප්‍රහාරය තරමටම මොරොක්කෝවේ යාසින්ගේ දෙඅත් ද සුරක්ෂිත බැවින් මොරොක්කෝව සහ පෘතුගාලය අතර තරගය දෑතත් දෙපයත් අතර උණුසුම් තරගයක් විය හැකි බව සහතිකය.ඡායාරූපයේ දැක්වෙන්නේ මොරොක්කෝව ලෝක පාපන්දු කුසලාන ඉතිහාසයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා කැඳවා ගෙන යන්නට මුල්වූ යාෂින් බොනෝනෝ ගේ දස්කම් ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...