රට හැර යන පිරිස වැඩිවෙලා!

Date:

පසුගිය මාස දහය තුළ ලක්ෂ දෙකහමාරක් පිරිසක් විදේශ රැකියා සඳහා ගොස් ඇත!

මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව 2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ පුද්ගලයින් 251,151 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇත.

මෙය වසංගතය ආරම්භ වීමට පෙර වාර්ෂිකව විදේශ රැකියා සඳහා ගිය පුද්ගලයින්ගේ වැඩිවීමක් බව මහ බැංකුව පවසයි. මේ අතර, 2022 ඔක්තෝම්බර් මාසයේදී පුද්ගලයින් 28,473 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති බව වාර්තා වේ.

මෙයින් ,

◾නුපුහුණු ශ්‍රමිකයින් 11,399 ක්,
◾ පුහුණු ශ්‍රමිකයින් 7,887 ක්

◾ ගෘහ සේවය සඳහා 6,165

ක් වේ.

2022 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 355ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ ලැබුණු මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,929 කි. 2021 වසරේ අදාළ කාලසීමාව සඳහා මෙම අගය ඩොලර් මිලියන 4,895ක් ලෙස වාර්තා විය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...