*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

වනසතුන්ගෙන් වන අස්වනු හානිය පිළිබඳ ඇමති අමරවීරගෙන් හෙලිදරව්වක්…

තිසර සමල් (අනුරධපුර) 2022-12-06: පහුගිය මාස 06 ට පොල්ගෙඩි මිලියන 93 ක් සත්තු විනාශ කරලා, වී වගාවේ 5.5 % කට  සතුන්ගෙන  හානි සිදු වෙනවා, ඒ කියන්නේ මෙට්‍රික් ටොන් දහස් ගණනක්, ඉත්තෑවා, මොනරා, දඬු ලේනා, වල් ඌරා, රිලවා, වඳුරා, මේ අය කරන හානිය හිතා ගන්න බැරි තරම්, බිලියන් පනස් ගණනක් කියනවා අවුරුද්දකට.ඒ නිසා ඉදිරි අවුරුදු 02 යන්න ඉස්සරලා මේ සත්ත්ව හානිය අඩුම තරමේ 50% කින් අපි අඩු කරන ක්‍රමවේද වලට යනවා යැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍යය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, කෘෂිකර්ම අමාත්‍යංශය යට‌ෙත් ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතියක් වන SAPP හෙවත් කුඩා පරිමාණයේ කෘෂි ව්‍යාපෘතිය පිළිබඳ අංශය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රනෝරාව ගොවිජන සේවා බල ප්‍රදේශයේ බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින්ය.මෙම අවස්ථාවට හිටපු අමාත්‍යය දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.

මෙම එක් උපකරණ කට්ටලයක් වර්තමාන මිල යටතේ රුපියල් 110,000ක් පමණ වේ. මෙම බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල සියල්ල SAP-P ව්‍යාපෘතිය විසින් නොමිලයේ ලබා දීමට පියවර ගෙන තිබේ.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා,

 රට මේ තැන තියෙන්නේ අපි පක්ෂ භේද එක්ක වැඩ කරපු නිසා නේද?  මැතිවරණ කාළයට අපි ගහගමු, බැනගමු, කොටාගමු, මරා ගමු හැබැයි ඡන්දය මොකා හරි දින්නට පස්සේ දිනපු අය එක්ක ආණ්ඩු කරන්න ඕනකම තියෙනවා.ඊළඟ පාර ඒ ආණ්ඩුව පෙරලන්න පටන් ගන්න ඕන අර හතරවැනි අවුරුද්දේදී විතර, දැන් අපේ රටට මේ හෙන ගහලා තියෙන්නේ පැරදිච්ච දවසට පහුවදා ඉඳන් ප්ලෑන් කරන්නේ දිනපු එවුන්ට හරියන්න එපා කියලා.කරන වැඩේ වරදක්මයි හෙව්වේ.අඩුවක්මයි හෙව්වේ,ඉතින් මරණාධාර සමිතියක්වත් ඉස්සරහට යයිද? නිළවරණයක් තියලා සමිතියේ පැරදුන  අය ටික පැරදිච්ච දවසේ ඉඳන්ම සමිතියට අකුල් හෙළනවා නම් සමිතිය දියුණු වෙනවාද? රටටත් වෙලා තියෙන්නේ ඒක නේද? පාර්ලිමේන්තුව බැලුවොත් පේනවා කොච්චර හොඳ වැඩක් ගෙනාවත් අවසානයේ එහා පැත්තෙන් කථා කරන්නේ විරුද්ධවම තමයි.

මට තමයි හොඳම අත්දැකීම තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක්ක පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ඉන්න කොට පුනර්ජනනීය බලශක්තිය වැඩි කරන්න විදුලි බල පනත වෙනස් කරන්නේ අපි මුල් වෙලා, එක වෙලාවක් ඩලස් මැතිතුමා ඇමති, මං රාජ්‍යය ඇමති, ඊළඟ පාර ගාමිණී ලොකුගේ මැතිතුමා ඇමති, මම රාජ්‍ය ඇමති, ඔය පනතේ සේරම හදලා ඉවර වෙලා පනත පාර්ලිමේන්තුවට ගේන්න ඕන්න මෙන්න අපි පක්ෂයේ  තීන්දුවක් අරගෙන අපි ගිහින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වාඩි වෙනවා.අපි විපක්ෂයේ ඉන්න කොට තමයි මේ පනත පාර්ලිමේන්තුවට එන්නේ. දුමින්ද පනත හදනකොට ආණ්ඩු පක්ෂයේ, පනත පාර්ලිමේන්තුවට ගේන කොට විපක්ෂයේ, දැන් අපේ පක්ෂයෙන් මට කියනවා විරුද්ධ වෙන්නලු පනතට, මම කොහොමද විරුද්ධ වෙන්‌නේ, මම ගෙන ආපු පනත, මම විරුද්ධ පක්ෂයට ගියා කියලා මට විරුද්ධ වෙන්න පුලුවන්ද?, ඒ අනුව අපි  කථා කරලා තීන්දු කළා අපි හරි තැන හිටගන්නවා කියලා, අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩු පක්ෂයේ හිටියත්, හරි දෙයක් එන කොට උදව් කරන එක තමයි අපේ යුතුකම වෙන්නේ, මෙහෙම හිතුවේ නැති නිසා නේද ? අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ.අපි ඉන්න මතය තමයි පක්ෂද විපක්ෂද කියලා නෙමෙයි, මේ රට හැදුනොත් එදාට අපිට බොහෝ දේවල් කරන්න පුලුවන්කම තියෙනවා යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍යය මහින්ද අමරවීර මහතා,

දැන් කුකුල් කෑම වල මිළ වැඩි වෙලා දැන් සාමාන්‍යයෙන් බිත්තර සුපිරි කෑමක් බවට පත් වෙලා, රුපියල් 14-15 තිබුණ බිත්තරය රුපියල් 50-55 දක්වා  වැඩි වෙලා තියෙනවා, කුකුල් මස් මිළ වැඩි වෙලා තියෙනවා, එකට ප්‍රධාන හේතුව තමයි බඩ ඉරඟු නිෂ්පාදනයේ අඩුකම, සත්ව ආහාර නිෂ්පාදනයට බඩු ඉරඟු අඩුවීම බලපා තිබෙනවා.මේක කිරි කර්මාන්තයටත් බලෑමක් වෙලා තියෙනවා.අපේ කිරි කර්මාන්තය ආපස්සට යනවා.අපේ කිරි නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා, හරක් හිටියට කිරි ටිකයි තියෙන්නේ, වන සංරක්ෂණ , වනජීවී කළාප වලින් එළියට දාන කොට ඒ අයට කන්න දෙයක් නැති වෙනවා.ඒ සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා.හොඳ තත්වයේ හරක් කිරි ගොවීන්ට ලබා දීමේ වැඩසහනකට අපි යන්න ඕන.බිත්තර නිෂ්පාදනයටත් අලුතින් ගොවීන් ඇති කළ යුතුයි, නැත්නම් මේ යන විදිහට බිත්තරයක් රුපියල් 100 ක් විතර වෙයි, නැත්නම් ඒකත් රටින් ගේන්න වෙයි.ඒ නිසා ගම්මාන මට්ටමින් ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.

කෘෂිකර්මයේ ගොවිතැන ශක්තිමත්ව ඉදිරියට යනවා, පොහොර ටික අපි බෙදාගෙන යනවා, වී ගොවිතැන සාර්ථක වෙයි, වී ගොවියට ඕන මිලක් විතරයි, වී මිළ දැන් අඩු වෙලා තියෙනවා, මේ ගැන මම කැබිනට් එකේ කථා කරනවා, ඒකට වැඩපිළිවෙලක් හදන්න ඕන.ආයේ රටින් හාල් ගෙනල්ලා කවන්න ඕන නෑ.අපේ ගොවියා සමත් වෙනවා අපේ රටේ ජනතාවට බත් ටික කවන්න.

වනජීවී අමාත්‍යංශය තමයි මට ඊළඟට තියෙන අර්බුධම තියෙන අමාත්‍යංය. අලි ගහලා මිනිස්සු මරනවා, මිනිස්සු අලි මරනවා, මේ අලි-මිනිස් ගැටුම අවසාන කර ගැනීම සඳහා අපි දැන් සැලැස්මක් සකස් කර ගෙන යනවා, ඉදිරි අවුරුදු 02 ඇතුළත 50% කින් වත් අනිවාර්යෙන්ම මේ අලි මිනිස් ගැටුම අවම කළ යුතුයි, මේ භෝග හානී කිරීම නතර කළ යුතුයි.ඒ හා සමානවම වන සතුන්නේ වෙන හානිය අපි නතර කරනවා. පහුගිය මාස 06 ට පොල්ගෙඩි මිලියන 93 ක් සත්තු විනාශ කරලා කියලා,  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානය වාර්ථාවක් හදලා දුන්නා, මටත් ඒක විශ්වාස නැති නිසා ආයේ තහවුරු කර ගන්න කිව්වා,

වී වගාවේ 5.5 % කට  සතුන්ගෙන  හානි සිදු වෙනවා, පහ හමාරක් කියන්නේ මෙට්‍රික් ටොන් දහස් ගණනක්, මේ වගේ විශාල සත්ත්ව හානියක් තියෙනවා.ඒ නිසා අපි දැන් ඒකට සැලැස්මක් සකස් කරලා දැන් අවසාන මට්ටමට ඇවිල්ලා තියෙනවා, සතුන් ගැන පෙනී සිටින සත්ත්ව ලෝලී සංවිධාන වලට එන්න කියලා කිව්වා ඒ අයගේ යෝජනත් දෙන්න, අපේ යෝජනා කියන්නම් ඊට පස්සේ කියලා, ජාත්‍යන්තරවත් මේකට කරපු ක්‍රමවේද පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා, ඉත්තෑවා, මොනරා, දඬු ලේනා, වල් ඌරා, රිලවා, වඳුරා, මේ අය කරන හානිය හිතා ගන්න බැරි තරම්, බිලියන් පනස් ගණනක් කියනවා අවුරුද්දකට, ඔය ටික ඉතුරු කර ගත්තත් අපිට ඇති,  ගොවියෝ කියන්නේ අපිට වගා කරන්න කියනවා, අපි වගා කරාට සත්තු ඇවිල්ලා කනවානේ කියලා.මේකට විසඳුමක් දෙන්න කියනවා.මම ඇහුවම මොනවද ඕන විසඳුම කියලා.වායු තුවක්කු දෙන්න කියනවා, එක එක දේවල් කියනවා, මේ එකකින්වත් විසඳුම් නෑ, සත්තව ලෝලීන් ගෙනත් කථා කළාම එක මහත්මියක් කියනවා අක්කර 05 ක් වගා කරන කොට අක්කර භාගයක් ඉතුරු කරන්නලු සත්තුන්ට කන්න.මම ඇහුවා ඒ ගාන දෙනවාද කියලා, නැත්නම්‌ෙ ගොවියෝ එහෙම වගා කරන්‌නේ නෑනේ.විවිධ අය විවිධ අදහස් කියනවා. පස්සේ කණ්ඩායමක් ඇවිත් කිව්වා යෝජනා ගේන්න විද්‍යාත්මකව අපි විසඳුම් හොයමු කියලා.මාසයක් දෙන්නම්, ඊළඟට අපි අපේ යෝජනාව ක්‍රියාත්මක කරනවා කියලා මම කිව්වා, ඒක මොන විදිහේ ක්‍රමයක්ද කියලා මම කියන්නේ නෑ, සියලු දෙනාගේ අදහස් අරගෙන ඉදිරි අවුරුදු 02 යන්න ඉස්සරලා මේ සත්ත්ව හානිය අඩුම තරමේ 50% කින් අපි අඩු කරන ක්‍රමවේද වලට යනවා, ඒක ගොවි ජනතාවට තවත් ශක්තියක් වෙයි යැයි පැවසීය.

මෙම අවස්ථාවට ‌ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, වැඩසටහන් අධ්‍යක්ෂ යසන්තා මාපටුන මහත්මිය ඇතුළු රාජ්‍යය නිළධාරීන් හා ගොවි ගෙවිලියන් විශාල පිරිසක් සහභාගී වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan