පොහොට්ටුවට අකුරැස්සේදී දෙවැනි වරටත් දැවැන්ත පරාජයක් !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

එහි සභාපති මුනිදාස ගමගේ මහතා විසින් දෙවැනි වරටත් ඉදිරිපත් කරන ලද අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 5ක් පමණක් වන අතර ඊට විපක්ෂව ඡන්ද 18ක් ලැබී තිබිණි. මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව බෙදී ගොස් ඇත්තේ බලය හිමි පොහොට්ටුවට මන්ත්‍රීවරුන් 14 දෙනෙකුත් සමගි ජන බලවේගයට මන්ත්‍රීවරුන් 6 දෙනෙකුත් ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරුන් 3 දෙනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීවරුන් 2 දෙනෙකුත් වශයෙනි.

මීට පෙර පසුගිය නොවැම්බර් 19 වනදා පළමුවරට අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී ද එයට විපක්ෂව ඡන්ද 19ක් ලැබී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

D.S.

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ආරම්භයේ සිටම ඩීඑස් ද සිල්වාගේ...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : පසුගියදා අධිකරණ සංකීර්ණය...

ආපදාවට ලක්වූ කර්මාන්ත සහ ව්‍යාපාර වෙත බැංකු සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත...

සාවද්‍ය පුවතක් ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ...