අසල්වැසි වගකීම – ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්

ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේ ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දියාව අසල්වැසියකු ලෙස සිය වගකීම් පැහැර හැරීමක් සිදු කරන බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා එරට පාර්ලිමේන්තුව අමතමින් මේ බව ප්‍රකාශ කර තිබෙන අතර, වත්මන් ඉන්දීය රජය එම වගකීම නිසි ලෙස ඉටු කර ඇති බවද ඒ මහතා පෙන්වා දී තිබේ. එම්.ඩී.එම්.කේ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වයිකෝ විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා එම අදහස් පළ කර ඇත.

සිය රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ඉන්දීය විදේශ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළ අතර, එහිදී වයිකෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවේ දී ඉන්දියාව අදාළ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.

ඊට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් මහතා පෙන්වා දී තිබෙන්නේ, ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණියේ ඉන්දියාවේ දීර්ඝකාලීන ස්ථාවරයට අනුව බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...