නව නොබෙල් ත්‍යාගලාභීන් පුටින්ගේ උමතු යුද්ධය හෙළා දකියි.

Date:

යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම ලේඛනගත කිරීමට ගත් විශිෂ්ට උත්සාහයන් වෙනුවෙන් කරන ලද ගෞරවනීය පිළිගැනීමක් වශයෙන් යාන් මැට්විචුක්, සිරගත කර සිටින නීතිඥ ඒල්ස් බියාලියාට්ස්කි හා රුසියානු අනුස්මරණ සහ සිවිල් නිදහස සඳහා වූ යුක්රේන මධ්‍යස්ථානයක් වෙනුවෙන් මෙලෙස ඊයේ(10) දිනයේ දී නොබෙල් ත්‍යාග පිරිනැමිණි.

මෙම ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරමින් නෝර්වීජියානු නොබෙල් කමිටුව නිවේදනය කර තිබුණෙ වසර ගණනාවක් තිස්සේ බලය විවේචනය කිරීමට සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති අයිතිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ත්‍යාග පිරිනැමෙන බවයි.

රුසියානු නොබෙල් සාම ත්‍යාගලාභී යාන් රචින්ස්කි ඊයේ(10)දිනයේ පැවැති නෝර්වීජියානු අගනුවර ඔස්ලෝ හි ඔහුගේ පිළිගැනීමේ කතාවේදී යුක්රේනයට එරෙහිව පුටින්ගේ යුද්ධය උමතු සහ සාපරාධී ක්‍රියාවක් බවට හෙළා දකින ලදි. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ස්ටැලින්වාදී යුගයේ අපයෝජනයන් සහ ම්ලේච්ඡ ක්‍රියා හෙලිදරව් කිරීමට ක්‍රියා කළ රුසියාවේ වඩාත්ම ප්‍රසිද්ධ සහ ගෞරවනීය මානව හිමිකම් කන්ඩායම්වලින් එකක් වන Memorial පසුගිය වසරේ අගභාගයේදී රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසා දැමීමට නියෝග කිරීම හේතුවෙන් යුක්රේන යුද්ධයේ අඳුරු පැති තවදුරටත් අපක්ෂපාතීව විවේචනය නොවන ඇති බව ඔහු මෙහිදී සඳහන් කරන ලදි.

සිරගතව සිටින සිය ස්වාමියා වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලබා ගත් ඒල්ස් බියාලියාට්ස්කිගේ බිරිඳ ඇයගේ පිළිගැනීමේ කතාවේදී යුධ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා පුටින්ට සහ බෙලාරුසියානු ප්‍රබල ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා සිටියේය. එමෙන්ම යුක්රේන යුද්ධය අතරතුරු සිවිල් කණ්ඩායම්වල මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් අසාධාරණ ලෙස සිරගත කරන ලද සිය ස්වාමියා දහස් ගණන් බෙලරුසියානුවන්ගෙන් එක් අයෙක් පමණක් බව ඇය තවදුරටත් පැවසුවාය.

යුක්රේනයේ සිවිල් නිදහස සඳහා වූ මානව හිමිකම් මධ්‍යස්ථානය වෙනුවෙන් ත්‍යාගයපිළිගත් මැට්විචුක් පැවසුවේ මෙය යුද්ධයෙන් පීඩාවට පත් වූවන්ට යුක්තිය සහතික කිරීමට නව මාර්ගයක් වනු ඇති බවයි. ඇය මෙහිදී ප්‍රකාශ කර තිබුණේ යුද අපරාධකරුවන් වරදකරුවන් කිරීමට ඒකාධිපති පාලනයන් බිඳ වැටෙනතුරු සිටිය යුතු නොවන බවයි. යුක්තියට බලා සිටිමට නොහැකි බැවින් අපට ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවා පුටින්, ලුකෂෙන්කෝ සහ අනෙකුත් යුද අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව ඇය වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කර තිබිණි.

මෙම නොබෙල් සාම ත්‍යාගය වාර්ෂිකව ප්‍රදානය කරනු ලබන්නේ 1896 දී ඇල්ෆ්‍රඩ් නොබෙල් මියගිය දෙසැම්බර් 10 වන දිනය සිහිපත් කිරීම වෙනුවෙනි, මෙහිදී ජයග්‍රාහකයන් වෙනුවෙන් ඩොලර් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් ත්‍යාග ලබා දෙනු ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...