*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

කුලුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට…

ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සූදානම්ව නවතා දැමුණු කුලුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළකර තිබේ.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකිබව ජපන් තානාපති මිසිකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ ප්‍රකාශ කර ඇත. රුවන් විජයවර්ධන මහතා සහ ජපන් තානාපතිවරයා අතර හමුව ජපන් තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය ජපන් සංචාරයේදී මේ කාරණය ගැන සාකච්ඡා කළ බවත් එහිදී ජපන් රජය මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ බවත් විජයවර්ධන මහතා පැවසීය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා රුපියල් කෝටි පන්සිය අනූහතයි දශම අටක (597.8) අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් ඉකුත්දා නිකුත් කළ වාර්තාවක ද සඳහන් වී තිබිණි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan