පාතාල නායක ‘මිනුවන්ගොඩ මහේෂ් මල්ලීගේ’ ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට …

Date:

ඩුබායිහී සැඟව සිටින පාතාල නායක මිනුවන්ගොඩ මහේෂ් මල්ලී නැමැත්තාගේ ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට …

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ , ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී සැකකරුවන් පිස්තෝල දෙකක් ද සමග අත්අඩංගුවට ගත් බවයි.

කටාන, කඳවල ප්‍රදේශයේ පදිංචි සුරේෂ් ප්‍රියංකර ප්‍රනාන්දු නොහොත් බොබියා නැමති වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර වැරදි අංක තහඩු යෙදූ යතුරුපැදියක් ද ඔහු භාරයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත මහේෂ් මල්ලි නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ අනෙක් ගෝලයන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කට්ටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙක් සහ පන්නල, යක්විල ප්‍රදේශයේදී වයස අවුරුදු 48 ක පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...