බෙහෙත් කියා බොන්න වෙන්නේ පාන් පිටි කරල්ද?

Date:

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) රෙගුලාසි වලට පටහැනිව යමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයන කිරීමේ සූදානමක් පවතින බව වර්තා වෙයි.

ඉන්දියාවෙන් එම ඖෂධ ගෙන්වීමට සූදානම් වන අතර එම ඉන්දියානු සමාගම් මෙරට ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවූ ආයතන බව සඳහන්.

එලෙස ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතියද හිමිවීමට නියමිත බවයි කියවුණේ.

පවතින ක්‍රමවේදයට අනුව නම් මෙරටට ගෙන්වන ඕනෑම ඖෂධයකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි විය යුතු අතර ඊට බාහිරව මෙතෙක් ඖෂධ රට තුළට ගෙන්වීමට අවසරයක් නොතිබුණි.

සාමාන්‍යයෙන් නව ඖෂධයක් හඳුන්වා දීමේදී එහි රසායනාගාර පරීක්ෂණ ඇතුළු එය අනුමත කිරීම සඳහා මාස 06ක පමණ කාලයක් වැය වන බවත් එලෙස නිසි පරීක්ෂණයකින් තොරව මෙරට වෙළෙඳපොළට ඖෂධ මුදාහැරීමක් සිදු නොවුණු සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ විද්වතුන් සඳහන් කරයි.

එහෙත් එම නියමයන්ට පටහැනිව කැබිනට් අනුමැතියද ලබාගනිමින් ප්‍රමිතියෙන් බාල ඖෂධ ගෙන්වීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ඉන්දියාව තුළ ඖෂධ නිෂ්පාදනය බහුල වශයෙන් සිදුකරන කර්මාන්තයක් වන අතර එම නිෂ්පාදන සියල්ල පාහේ පිළිගැනුමකට ලක්නොවෙයි.

ඇතැම් කැප්සූල් වල ඇත්තේ ඖෂධ නොව පාන් පිටි වැනි දේ බවත් එවැනි තත්ත්වයක ඖෂධ නියාමන අධිකාරියේ අවසරයක් අනුමැතියක් නොමැතිව දේශපාලන අධිකාරියකට එලෙස ඖෂධ යන නාමයට මුව වී රොඩු ගොඩවල් ගෙන්වීමේ හැකියාවක් පවතීද යන ගැටළුව මෙහිදී මතුවන්නකි.

සෞඛ්‍ය වැනි ඉතා සංවේදී ක්ෂේත්‍රයක මෙලෙස අනතුරට ලක්වන්නේ ප්‍රධාන කොටම මිනිස් ජීවිත නොවේද?

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළද ඖෂධ නිෂ්පාදනයට යොමුව ඇති පරිසරයක ඖෂධ අපනයනට එය දැඩි බලපෑමක් එල්ල කරන්නක් වන අතර මේ වන විට ලොව ඉහළ පිළිගැනුමකට භාජනය වී සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනාගතයට එල්ලවන බලපෑම සුළුවෙන් තැකිය නොහැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට අනුව ක්‍රියාත්මක ජාතික ඖෂධ නියාමන අධිකාරියට දේශපාලන කොමිස් වල ගොදුරක් වී ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීමට ඉඩ ලබාදීමට සිදුවුවහොත් එමඟින සිදුවන හානිය මෙතෙකැයි කියා ගණනය කිරීමට හෝ පෙන්වා දීමක් කළ නොහැකිය.

එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපව දැඩි බැහැර කිරීමකට ලක්වීමක් වුවද සිදුවිය හැකිය.

එහෙයින් රටම වනසන, මිනිස් ජීවිත වනසන තීන්දු තීරණ වලට කොතෙක් දුරට ඉඩ දිය යුතුද යන්න මේ වන විට රට හමුවේ පවතින ප්‍රබලතම ප්‍රශ්නයකි.

සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රයක මෙලෙස මිනිස් ජීවිත බිල්ලට ගනිමින්, සෞඛ්‍ය සේවාව බිල්ලට ගනිමින් දේශපාලන අධිකාරියට අවශ්‍ය පරිදි ජනතාව පාන් පිටි කැප්සූල් පෙවිය හැකිද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...