රන් හොරකමේ ගිය ඇමති ලේකම්ලාට පසු හරක් හොරකමේ ගිය ඇමති ලේකම්වරයෙකුත් මාට්ටු !

Date:

රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයෙකු සොරකම් කරන ලද ගවයින් පැටවූ ලොරි දෙකක් ද සමග ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද මෙම ගවයින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ මස් කඩයකට ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්. 

අදාළ සැකකාර ලේකම්වරයාට ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය විසින් 2020 වසරේදී වන සත්ව සංවිධානයේ සභාපති ලෙස සහතික පත්‍රයක් නිකුත් කර ඇති අතර එම සහතික පත්‍රයත් මරණයට කැපවී සිටි ගවයින් නිදහස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කළ ස්තූති ලිපියකුත් භාවිතා කරමින් මෙසේ හොර හරක් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් වාර්තා විය. 

මෙම ගවයින් ප්‍රදේශයේ ගවපට්ටි වලින් මිලදීගෙන ජනතාව අතර නොමිලේ බෙදාදීම සඳහා රැගෙන යන බව පවසමින් මොහු පොලිසියෙන් ගැළවී යෑමට උත්සාහ කළත් එය සාර්ථක වී නැත. 

මීට අමතරව LTTE සංවිධානය විසින් මුලතිව් ප්‍රදේශයේ සඟවන ලදැයි කියන රත්තරන් තොගයක් උසාවි නියෝගයකට ද වෙට්ටු දමා හොරෙන් ගොඩගැනීමට උත්සාහ කළ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකු පිළිබඳව ද ඊයේ දිනයේදී අනාවරණය වී තිබිණි. 

ආණ්ඩුවට මේ දිනවල ඇමතිවරුන්ගේ ලේකම්ලාගෙන් අපලයක් ඇති බවක් පෙනේ. 


RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...