මේ දිනලාත් ගුටි කාපු පළවෙනි අවස්ථාව. ඒකයි අපට තියෙන දුක – බැසිල් (VIDEO)

Date:

පසුගිය අරගල සමයේදී අරගලකරුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයටත් ප්‍රහාරයක් එල්ල කළ බවත් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක මූලස්ථානයකට එවන් ප්‍රහාරයක් එල්ල වුණේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

“ඇත්ත කියන්න එපැයි, පැත්ත ගියත් අපි ඇත්ත කියන්න ඕනෙ. ඇත්ත කියලා මොනවා නැතිවුණත් මට ප්‍රශ්නයක් නෑ. පාරෙ බැහැලා යන්න නෙවෙයි ගෙවල්වල ඉන්න දුන්නෙත් නෑනෙ අපට. මේ රටේ ඉතිහාසයේ කවද්ද මේ බලයේ ඉන්න පක්ෂයක නෙවෙයි ඉතාම කුඩා පක්ෂයකවත් මූලස්ථානයට ඇවිල්ලා විනාශ කරන්නෙ ? අපේ පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයට ඇවිල්ලා ගැහුවා. නෙළුම් මාවතට ආවා, ඇවිල්ලා තාමත් විනාශ කරපුවා තියෙනවා. ගෑස් සිලින්ඩරය අරන් ගියා, අපේ රැස්වීම් ශාලාව තවම හදාගන්න බෑ, ලිෆ්ට් එක විනාශ කළා, අපේ වීදුරු ඔක්කොම බින්දා, කොමෝඩ් ඔක්කොම බින්දා – හරි ආසයි කොමෝඩ් බිඳින්න ඒ ආපු හැම අරගලකරුවෙක්ම කොමෝඩ් බින්දා – ඉතින් මේ වගේ ඒවා කවදාකවත් වෙලා නෑ. අපි 1977 ත් ගුටි කාලා තියෙනවා. අපේ ගෙවල් ගිනිතියලා තියෙනවා මීට වැඩිය. හැබැයි ඒ හැමවෙලාවෙම පැරදුණා. මේ දිනලාත් ගුටි කාපු පළවෙනි අවස්ථාව. ඒකයි අපට තියෙන දුක. ඒත් අපි ඒවා පුද්ගලිකව වෛර බැඳගෙන මොනව වෙලාවකවත් වෙඩි තියන්නවත් ඒක මර්දනය කරන්නවත් කිසිම අවස්ථාවක ජනාධිපතිතුමා ඉදිරිපත් වුණේ නෑ”

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...