ඇමති මනූෂ මැලේසියාවේ කුප්‍රකට LTTE හිතවාදියෙකු හමුවී සාකච්ඡා කරලා ?

Date:

විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මැලේසියාවේ ව්‍යාපාරිකයකු සහ කුප්‍රකට LTTE හිතවාදියෙකු වන පී. තියාගරාජන් හමුවී සාකච්ඡා කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඕ. එම්. එස්. තියාගරාජන් වශයෙන් ප්‍රකට මෙම ව්‍යාපාරිකයා එරට සිවිල් සේවිකාවකට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් සිර දඬුවමකට ද නියම වූ අයෙකි.

එමෙන්ම ඔහුගේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ද විවිධ චෝදනා මාධ්‍ය ඔස්සේ එල්ල වී ඇති අතර LTTE හිතවාදී ක්‍රියා සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

LTTE සංවිධානයට සම්බන්ධ පුද්ගලයින්ට මැලේසියාවේදී ත්‍රස්තවාදී චෝදනා නැගිය නොහැකි බවට ඔහු විසින් පොලිස් වාර්තාවක් ද ගොනුකර ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම පුවත පිළිබඳව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට පිළිතුරක් ලබාදීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ලබාදීමට අප සූදානම් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...